අපි සොයන පිරි­සුදු ශ්‍රී ලංකාව

වර්ත­මා­නයේ නව රාජ්‍ය පාල­නය භාර­ගත් ආණ්ඩු පක්ෂ කණ්ඩා­යමේ ඉල­ක්කය ශ්‍රී ලංකාවේ ජන­තා­වට “පොහො­සත් රටක් – ලස්සන ජීවි­ත­යක්” උදා කිරී­මට කට­යුතු කිරී­මයි. මෙම ඉල­ක්කය සපුරා ගැනීම සඳහා සෑම ආකා­ර­ය­කම ප්‍රති­සං­ස්ක­රණ ඇති කිරී­මට කට­යුතු කිරීම අත්‍ය­ව­ශ්‍යයි. මේ අත­රින් දේශ­පා­ලන අධි­කා­රිය විසින් “පිරි­සුදු ශ්‍රී ලංකා­වක්” ඇති කිරීම පද­නම් කර­ගත් ව්‍යාපෘ­ති­යක් ඉදි­රි­පත් කර ඇත. නිද­හස ලබා ගැනී­මෙන් පසු ශ්‍රී ලංකි­ක­යන් විසින්ම රාජ්‍ය පාල­නය මෙහෙ­ය­වීම දශක හත­කට වැඩි කාල­යක් සිදු කර ඇතත් සෑම ක්ෂේත්‍ර­ය­කම පාහේ සිදු කර ඇති වැරදි පරි­පා­ල­නය නිසා ක්ෂේත්‍ර ගණ­නා­වක් පිරි­සුදු කිරීම අත්‍ය­වශ්‍ය වී ඇත. අප ජීව­ත්වන පරි­ස­රය ඉන් එකකි. ඒ අනුව ශ්‍රී ලංකාවේ පාරි­ස­රික පිරි­සු­දු­කම ගැන කතා කරන විට ජපා­නය වැනි රට­කින් ගත­හැකි ආදර්ශ අති­ම­හත්ය. ජපන් ජාති­ක­යන් මෙම පිරි­සුදු බව රැක­ගැ­නීම සඳහා පාර්ශ්ව කිහි­ප­යක් එක­මු­තුව ගෙන යන උත්සා­හ­යක ප්‍රති­ඵ­ල­යක් ලෙස හඳු­නා­ගත හැකිය. ඒ සඳහා රාජ්‍ය අංශය, පෞද්ග­ලික අංශය, සමාජ සංවි­ධාන සහ පුර­වැ­සි­යන් ඇතුළු අංශ ගණ­නා­වක සාමූ­හික ක්‍රියා­ව­ලි­යක එක­තු­ව­කින් සම­න්විත යන්ත්‍ර­ණ­යක් නිර්මා­ණය කොට ගෙන ඇත.

වෙනස පාසලෙන් අරඹමු

ලෝකයේ පිරි­සු­දුම රට­වල් දහය අතර සිටින රාජ්‍ය­යකි ජපා­නය. ජපන් ජාති­ක­යන් තම ප්‍රජා­වට සහ පරි­ස­ර­යට අවං­ක­වම ආද­රය කරති. එම නිසාම පිරි­සුදු පරි­ස­ර­යක් සහ මනා අලං­කා­ර­වත් වට­පි­ටා­වක් ඇති රාජ්‍ය­යක් බවට ලෝකය පුරා ප්‍රසිද වී ඇත. ජපා­නයේ ඉතාම කාර්ය­බ­හුල ටෝකියෝ නග­රයේ සිට වෙනත් ඕනෑම නග­ර­ය­කට ගමන් කිරීමේ දී ඒ පිරි­සුදු බව සහ අලං­කා­ර­ත්වය දක්නට ලැබේ. එසේම ජපා­නයේ පිරි­සු­කම මිල අධික එකක් ද නොවන අතර සෑම ජපන් ජාති­ක­ය­කු­මත් එර­ටට පැමි­ණෙන සෑම විදේ­ශි­ක­ය­කු­මත් ජපන් රටේ පව­තින මෙම පිරි­සුදු බව රැක­ගැ­නී­මට විවිධ අයු­රින් කැප වී සිටින බව එහි ජීව­ත්වන කව­රෙ­කුට වුවද දැනේ. මෙවැනි පිරි­සුදු පරි­ස­ර­යක් පව­ත්වා­ගෙ­න­යෑ­මට බලපා ඇති හේතු අතර අධ්‍යා­ප­නය, සංස්කෘ­තික අග­නා­කම්, රාජ්‍ය මැදි­හත් වීම, අප­ද්‍රව්‍ය කළ­ම­නා­ක­ර­ණය, පොදු ප්‍රවා­හ­නය, තාක්ෂ­ණය හා නවො­ත්පා­ද­නය, පුන­ර්ජ­න­නීය බල­ශ­ක්තිය, ප්‍රති­ච­ක්‍රී­ය­ක­ර­ණය (recycling) සහ කාර්ය­ක්ෂම රාජ්‍ය සේවාව යන සාධක හේතු වී ඇත.

ජපා­නය තුළ පිරි­සුදු පරි­ස­ර­යක් නිර්මා­ණය කිරීමේ ඇර­ඹුම පාසල සහ නි‍ෙවස කේන්ද්‍ර­ක­ර­ගෙන සිදු වී ඇත. අද වන­විට එය ජපා­නයේ රාජ්‍ය ප්‍රති­ප­ත්තියේ කොට­සක් බවට පත්ව ඇත. ජපා­නයේ පාස­ල්වල සහ නිවා­ස­වල කුඩා ළමුන්ට පිරි­සුදු බව මෙන්ම තම අවට පරි­ස­රය පිළි­බඳ නිර­න්ත­ර­යෙන් අව­ධා­න­යෙන් සිටී­මට පුරුදු පුහුණු කරති. මෙය වග­කී­ම­කට එහා ගිය සංස්කෘ­තික පුරු­ද්දක් බවට පත්කොට ඇත. ජපන් ජාති­ක­යන් සම්පත් භාවි­තයේ දී අවශ්‍ය දෑ පම­ණක් භාවිත කිරී­මට යොමු වීම, වරක් භාවි­ත­යට ගත් භාණ්ඩ­යක් නැවත භාවි­ත­යට ගැනී­මට දිරි­මත් කිරීම සහ ප්‍රති­ච­ක්‍රි­ය­ක­ර­ණය සඳහා ජපන් ජාති­ක­යන් පුරු­දුවී සිටීම කැපී­පෙ­නෙන ලක්ෂ­ණ­යකි. ජපන් ජාති­ක­යන්ගේ පිරි­සුදු බව සහ සරල බව කිය­වෙන උදා­හ­රණ ඕනෑ­ත­රම් කිව හැකිය. එක් සරල උදා­හ­ර­ණ­යක් වන්නේ ජපා­නයේ සුපර් මාර්ක­ට්වල දී පාරි­භෝ­ගි­ක­යන් භාණ්ඩ මිලදී ගැනීමේ දී ඒවා බහා­ලීම සඳහා ෂොපින් බෑග්ස් (Shopping bags) භාවි­තය අවම කිරී­මයි. එහි ෂොපින් බෑග්ස් නොමිලේ ලබා නොදෙයි. ෂොපින් බෑග්ස් අවශ්‍ය නම් ඒ සඳහා අති­රේක මුද­ලක් පාරි­භෝ­ගි­කයා ගෙවිය යුතුයි. බොහෝ­විට කුමන තරා­ති­ර­මක ජපන් ජාති­ක­යකු වුවත් ෂොපින් බෑග්ස් සඳහා අති­රේක මුද­ලක් වැය නොක­රන අතර සෑම ජපන් ජාති­ක­ය­කුම පාහේ තමා නි‍ෙව­සින් පැමි­ණෙන විට අවශ්‍ය දෑ බහා­ලීම සඳහා උර එකක් හෝ කිහි­ප­යක් ගෙන­ඒම පුරු­ද්දක් බවට පත්ක­ර­ගෙන ඇත.

මේ හේතු­කො­ට­ගෙන පරි­ස­ර­යට නික­රුණේ මුදා හැරී­මට සිදු වන පොලි­තින් ප්‍රමා­ණය අඩු­කර ගැනී­මට හැකි වී ඇ‍ත. නමුත් ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙයට හාත්ප­සින්ම වෙනස්ය. සාමාන්‍ය වෙළෙ­ඳ­පොළේ සිට සුපර් මාර්කට් දක්වා භාණ්ඩ අලෙවි කරන සෑම මධ්‍ය­ස්ථා­න­ය­කම පාහේ විශාල වශ­යෙන් ෂොපින් බෑග්ස් මලු­වල බහා පාරි­හෝ­ගි­ක­යන්ට භාණ්ඩ ලබා දීම සිදු කරයි. ෂොපින් බෑග්ස් සඳහා මුදල් අය­කි­රී­මක් සිදු නොක­රයි. පාරි­භෝ­ගි­ක­යන් ද තමන් විසින් මිල දී ගන්නා භාණ්ඩ බහා­ලීම සඳහා උර­යක් නි‍ෙව­සින් රැගෙන ඒමට පුරුදු වී නොමැත. මෙහි ප්‍රති­ඵ­ලය වී ඇත්තේ සෑම දින­කම අති­වි­ශාල ෂොපින් බෑග්ස් විශාල සංඛ්‍යා­වක් කිසිඳු වග­වි­භා­ග­ය­කින් තොරව සිය නි‍ෙව­සට ගෙන­ගොස් අව­සා­නයේ දී ශ්‍රී ලාකේය ජනයා විසින් පරි­ස­ර­යට මුදා හැරී­මයි.

ශ්‍රී ලංකාවේ පරි­ස­රයේ අප­වි­ත්‍ර­ත්වය කියා­පාන අව­ස්ථා­වක් වන්නේ ගම හා නගර හරහා ගලා බසින බොහො­ම­යක් ඇළ මාර්ග දැඩි ලෙස දුඟද හමන ප්ලාස්ටික් බෝතල් හෝ විවිධ නොදි­රන ද්‍රව්‍ය­ව­ලින් පිරී පැවැ­තී­මයි. එප­ම­ණක් නොව බොහො­ම­යක් නිවා­ස­ව­ලින්, ආප­න­ශා­ලා­ව­ලින් සහ කර්මාන්ත ශාලා­ව­ලින් ඉව­ත්ක­රන අප­විත්‍ර ජලය සෘජු­වම ගලා යන ඇළ­මාර්ග හෝ ගංගා වෙත මුදා­හැර ඇත. මේ සඳහා සැල­කිය යුතු ප්‍රමා­ණ­යක නීති ඇති නමුත් ඒවා පිළි­පැ­දී­මක් පුර­වැ­සි­යන්ගේ පැත්තෙන් හෝ සම­හර නිල­ධා­රීන්ගේ පැත්තෙන් සිදු වී නොමැත. මේ ආකා­ර­යට ජල මාර්ග අප­විත්‍ර කිරීම, ජපා­නයේ කිසි දිනක දක්නට ලැබෙන්නේ නැත. එහි සෑම මට්ට­ම­කම ඇළ මාර්ග හෝ ගංගා­වල ජලය ඉතා පැහැ­දිලි සහ විනි­වි­දව දැකිය හැකි ආකා­ර­යෙන් පිරි­සු­දුව ගලා බසිති.

ඇළ මාර්ග අපිරිසුදු නොකරමු

විශේ­ෂ­යෙන් කුඩා ප්‍රමා­ණයේ ඇළ මාර්ග කොත­රම් පිරි­සුදු ද කිව­හොත් අලං­කාර විසි­තුරු මසුන් ඒවායේ ඇති කර තිබේ. අනෙක් අතට නාග­රික ජනයා මෙම ඇළ මර්ග­ව­ලට කිසි දිනෙක ඉඳුල් වර්ග ඇතුළු පරි­ස­රය අප­විත්‍ර වන දෑ මුදා­හැ­රී­මට කට­යුතු නොක­රයි. ඔවුහු ඒවා ආද­ර­යෙන් රැක­බලා ගනිති. ජපා­නයේ මාර්ග හෝ නිවාස අසල කුණු­ක­සළ ගොඩ­වල් දක්නට නැත. විශේ­ෂ­යෙන් විධි­මත් ක්‍රම­වේ­ද­ය­කට අනුව කුණු පුළුස්සා දැමීමේ ක්‍රමය (incineration system) භාවි­තය නිසා කසළ ගොඩ­වල් ඇති කොට පරි­ස­රය විනා­ශවී යෑම වළකා ගත­හැකි වී ඇත. ජපන් ජාති­ක­යන් කසළ තම උර මත පතිත වූ කර්ම­යක් ලෙස නොස­ලකා ආර්ථික සම්ප­තක් බවට එය පත්ක­ර­ගෙන ඇත. කසළ බැහැර කිරීමේ දී ප්ලාස්ටික්ල ප්‍රති­ච­ක්‍රී­ක­ර­ණය කළ හැකි ද්‍රව්‍යය, පිලි­ස්සිය හැකි ද්‍රව්‍ය සහ පිලි­ස්සිය නොහැකි ද්‍රව්‍ය වශ­යෙන් වර්ග කරන ලද කසළ නගර සභාව විසින් එකතු කරනු ලබයි. මෙම කසළ එකතු කර­ගෙන යන දින පිළි­බ­ඳව තොර­තුරු ඇතු­ළත් කරන ලද කැලැ­න්ඩ­ර­යක් වර්ෂය ආර­ම්භයේ දී නගර සභාව විසින් සැම නි‍ෙව­ස­ක­ම­ටම ලබා දෙන අතර ඒ කාල­ස­ට­හ­නට අනුව කසළ එකතු කිරීම නිසි­යා­කා­රව සිදු වේ. එසේම ඉව­ත­ලන කසළ දැමීම සඳහා සෑම නාග­රික බල­ප්‍ර­දේ­ශ­ය­කම එක ලෙස භාවිත කළ හැකි වර්ණ කිහි­ප­ය­කින් යුත් උර හඳුන්වා දීමට කට­යුතු කර ඇත. එයට අම­ත­රව විශාල පරි­මා­ණයේ අප­ද්‍රව්‍ය හෝ ඉවත ලද ඉලෙ­ක්ටො­නික භාණ්ඩ බැහැර කිරී­මට ඒවා එකතු කරන මධ්‍ය­ස්ථා­න­ව­ලට දුර­ක­තන ඇම­තු­මක් ලබා­දී­මෙන් ඔවුන් නි‍ෙව­ස­ටම පැමිණ රැගෙන යෑම සිදු කරයි. අනෙක් අතට කසළ ඉවත් කිරී­මට පැමි­ණෙන නගර සභාවේ සේව­ක­යන් බොහෝ­විට එක් අයකු හෝ උප­රිම දෙදෙ­නකු වන අතර කසළ ප්‍රවා­හ­න­ය­ටම සාදන ලද විවිධ පරි­මා­ණයේ ට්‍රක් රථ (Truchs) යොදාවා ඇත. කසළ එකතු කිරී­මට පැමි­ණෙන සේව­ක­යන් ද ඉතා පිරි­සුදු මැදි වියේ, තරුණ, ශක්ති­මත් ගැහැනු සහ පිරිමි වන අතර ඔවුන් ඉතාම කාර්ය­ක්ෂම ලෙස සිය රාජ­කාරි කට­යුතු නිසි ලෙස ඉටු කරයි. එසේම මෙම සේව­ක­යන්ට ජපා­නයේ අනෙ­කුත් වෘත්තීන් සඳහා ගෙවන ආකා­රයේ හොඳ වැටු­පක් ද ලබා දීමට කට­යුතු කර ඇත.

ජපානයේ ආදර්ශය

ජපා­නයේ නිවා­ස­ව­ලින් බැහැර කරන කසළ එක්රැ­ස්කි­රීමේ සිට ප්‍රති­ච­ක්‍රි­ය­ක­ර­ණය දක්වා වූ ශක්ති­මත් යන්ත්‍ර­ණ­යක් අඛ­ණ්ඩව ක්‍රියා­ත්මක වේ. ජපා­නයේ නගර සභා­වක කසළ අංග­ණ­යක් ගත­හොත් එය එක්තරා ආකා­ර­යක විදුලි බලා­ගා­ර­යක් වැනිය. කසළ දහ­නය කිරී­මෙන් ඔවුන් විදු­ලිය උත්පා­ද­නය කිරී­මට ද කට­යුතු යොදා ඇත. නමුත් ශ්‍රී ලංකාවේ මෙවැනි ආකා­රයේ යන්ත්‍ර­ණ­යක් නිර්මා­ණය කර ගැනීම පිළි­බඳ බලා­පො­රො­ත්තු­වක් මේ දක්වා වූ බල­ධා­රීන්ට තිබී නොමැති බව පෙනේ. මන්ද සෑම උදෑ­ස­න­කම දැකී­මට හැකි වන්නේ සේව­ක­යන් විශාල සංඛ්‍යා­වක් සහිත පරණ ට්‍රැක්ටර් රථ­යක කිසිඳු සෞඛ්‍ය­මය අව­ධා­න­ය­කින් තොරව වැඩ කරන විය­පත් සේව­ය­ක­යන්ය. බොහෝ විට ඔවුන්ට වැඩ කිරී­මට හැකි නිරෝගී සෞඛ්‍ය­යක් නොමැති බව පෙනේ. එසේම නගර ආශ්‍රි­තව කසළ රැගෙන යන ට්‍රැක්ටර් රථ­වල සේව­ක­යන් එල්ලී ගමන් කරන අතර කාඩ්බෝඩ්, ප්ලාස්ටික් කෑන්ස් හෝ වෙනත් බොහෝ කසළ ද්‍රව්‍ය ඉටි උර­වල බහා ට්‍රැක්ටර් රථයේ එල්ලා­ගෙන යන දර්ශන දකින වාර අන­න්තයි. අනෙක් අතට නාග­රික බල­ප්‍ර­දේ­ශ­වල සම­හර විට කසළ එකතු කිරී­මට පැමි­ණෙන නගර සභා සේව­ක­යන් නිවෙස් තුළින් කසළ ගෙන­යෑ­මට යම් මුද­ලක් ද අවි­ධි­මත් ලෙස අය­කි­රී­මක් කරනු ලබයි. මෙයින් ක්‍රියා­පාන්නේ ශ්‍රී ලංකාවේ පව­තින කසළ කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ වැඩ­පි­ළි­වෙළ අසා­ර්ථක වී ඇති බවයි. කසළ කළ­ම­නා­ක­ර­ණය පළාත් පාලන ආය­ත­න­වල ප්‍රධාන කාර්ය­යක් වුවත් එය නිසි ලෙස ඉටු­කර නැති බව පෙනේ.

ශ්‍රී ලංකාවේ එදි­නෙදා මිනි­සුන් කෑමට ගන්නා ආහාර සම්බ­න්ධ­යෙන් සලකා බැලීමේ දී පෙනී­යන්නේ ඒවායේ පව­තින අපි­රි­සුදු බවයි. ආහාර ප්‍රවා­හ­නයේ දී පිළි­වෙ­ළක් නැති­වාක් මෙන්ම ආහාර ද්‍රව්‍ය අලෙ­වියේ දී තබා ඇති ස්ථාන ඉතා අපි­රි­සු­දුයි. ශ්‍රී ලංකාවේ නාග­රික බල­ප්‍ර­දේ­ශ­වල මෙම අපි­රි­සු­දු­භා­වය බහු­ලව දැකිය හැකියි. එසේම කල්ඉ­කුත් වූ ආහාර අලෙ­විය, ආහාර කල් ලබා ගැනී­මට භාවිත කරන මිනිස් සිරු­රට අහි­ත­කර රසා­ය­නික ද්‍රව්‍ය භාවි­තාව වැනි කූට වැඩ නිර­න්ත­ර­යෙන් ජන­මාධ්‍ය තුළ වාර්තා වන සිදු­වීම්ය. නමුත් ජපන් ජනයා සිය ආහාර වේල ලබා ගන්නේ ඒ සඳහා ගෞර­වය ප්‍රකාශ කිරී­මෙන් පසු­වයි. කිසි විටෙ­කත් ජපා­නයේ ව්‍යාපා­රි­ක­යන්, පාරි­භෝ­ගි­කයා නොමඟ යැවී­මට උත්සාහ නොක­රයි. සෑම­වි­ටම ආහාර පිරි­සු­දුව ලබා දීමට ඉහළ ප්‍රමු­ඛ­ත්ව­යක් ලබා දෙන බව පෙනේ. ජපා­නයේ සෞඛ්‍ය අංශ සහ ඒ හා සම්බන්ධ බල­ධා­රීන් තම වග­කීම් නිසි ලෙස ඉටු කිරී­මට කැපවී සිටීම ද මේ සඳහා හේතු වී ඇත.

ජපන් සමා­ජයේ පුර­වැ­සි­යන්, සිය සනී­පා­ර­ක්ෂාව සඳහා ලබා දී ඇත්තේ ඉතා ඉහළ ප්‍රමු­ඛ­ත්ව­යකි. ඒ සඳහා සෑම පොදු ස්ථාන­යක්ම ආව­ර­ණය වන පරිදි පුර­වැ­සි­යන්ගේ සනී­පා­ර­ක්ෂක අව­ශ්‍යතා සපුරා ගැනී­මට හැකි වන ආකා­රයේ පහ­සු­කම් ලබා දී ඇත. ඒ සඳහා මුදල් ගෙවී­මක් කිරීම ද අවශ්‍ය නැත. නමුත් ශ්‍රී ලංකාවේ ජන­තා­වගේ සනී­පා­ර­ක්ෂක පහ­සු­කම් සම්බ­න්ධ­යෙන් ලබා දී ඇත්තේ ඉතා අඩු අව­ධා­න­යකි. මේ සම්බ­න්ධ­යෙන් බල­තල සහ වැඩි වග­කීම හිමි පළාත් පාලන ආය­තන, අවශ්‍ය පහ­සු­කම් ලබා දීම සඳහා දී ඇති දාය­ක­ත්වය අවම මට්ට­මක පව­තියි. බොහෝ නගර ආශ්‍රි­තව සනී­පා­ර­ක්ෂක පහ­සු­කම් ලබා දීම සඳහා කට­යුතු කර ඇතත් ඒ සඳහා මුදල් අය කිරී­මක් සිදු කරයි. එහෙත් සනී­පා­ක්ෂක පහ­සු­කම් සප­යන ස්ථාන­ව­ලට ඇතු­ළු­වී­මට නොහැකි වන තර­ම­ටම එම ස්ථාන අපි­ළි­වෙ­ලයි, අව­ල­ස්ස­නයි සහ අපි­රි­සු­දුයි. සංචා­ර­ක­යන් ආක­ර්ෂ­ණීය කර ගැනී­මට සැල­සුම් කර ඇති ශ්‍රී ලංකාවේ මෙවැනි ආකා­රයේ සනී­පා­ර­ක්ෂක පහ­සු­ක­ම්වල අපි­ළි­වෙ­ළක් පැව­තීම අනු­මත කළ නොහැ­කියි.

ශ්‍රී ලංකා­වට ද මේ ආකා­රයේ පිරි­සුදු පරි­ස­ර­යක් උදා­කර ගැනී­මට නම් පළ­මුව පුර­වැ­සි­යන් ඒ සඳහා කැප­වී­මෙන් යුතුව සහාය දිය යුතු වේ. එසේම ජපන් ජන­තාව මෙන් පරි­සර හිත­කාමී සහ සමාජ හිත­වාදී ආකල්ප ශ්‍රී ලංකේය පුර­වැ­සි­යන් තුළ ඇති කිරී­මට ක්‍රියා කළ යුතුයි. මේ ආකා­ර­යට පිරි­සුදු පරි­ස­ර­යක් ශ්‍රී ලංකාව තුළ ඇති කිරීම එක් අත­කින් ශ්‍රී ලංකි­ක­යන්ගේ සෞඛ්‍ය අව­ධා­නම අඩු­ව­නවා පම­ණක් නොව ශ්‍රී ලංකා­වට පැමි­ණෙන සංචා­ර­ක­යන්ගේ ආක­ර්ෂ­ණීය ගම­නා­න්ත­යක් බවට ද පත්වී­මට එය හේතු වේ.

DMN

 

Leave A Comment