ආරුගම්බේ සංචාරක තහනම ඉවතට
- 5opn1
- November 14, 2024
- සංචාරක සහ චාරිකා
- ආරුගම්බේ සංචාරක තහනම ඉවතට
- 0 Comments
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස අමෙරිකා එක්සත් ජනපදය එරට පුරවැසියන්ට නිකුත් කළ සංචාරක උපදේශනය ඉවත් කිරීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව මේ තීරණය ගෙන තිබෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.
ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පසුගිය ඔක්තෝබර් මස 23 වැනිදා එම සංචාරක උපදේශනය එරට පුරවැසියන් වෙනුවෙන් නිකුත් කරන ලද අතර නැවත දැනුම් දෙනතුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස එම තානාපති කාර්යාලය දැනුම් දුන් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. ඒ අනුව එම තානාපති කාර්යාලය ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය සමාලෝචනය කරමින් සුපරික්ෂාකාරීව සිටීම, වටපිටාව පිළිබඳ දැනුවත් වීම සහ පළාත් පාලන ආයතන වෙත සැකකටයුතු ක්‍රියාකාරකම් සහ හදිසි අවස්ථා වාර්තා කරන ලෙස සියලු එක්සත් ජනපද පුරවැසියන්ට දැනුම් දුන්නේය.
නැවත දැනුම් දෙනතුරු ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වළකින ලෙස මෙරට සිටින එක්සත් ජනපද පුරවැසියන්ගෙන් ඉල්ලා සිටි අතර අදාළ නිවේදනයෙන් අනතුරුව තවත් රටවල් කිහිපයක් එම රටවල පුරවැසියන්ට මෙම කලාපවල සංචාරය කිරීමෙන් වළකින ලෙසත් ආරක්ෂාව සම්බන්ධයෙන් වඩාත් අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටියේය.
එම තත්ත්වය හමුවේ රජය එම ප්‍රදේශවල ආරක්ෂාව තර කිරීමට පියවර ගත් අතර බුද්ධි අංශ යොදවා එහි ආරක්ෂක කටයුතු නිරන්තරයෙන් සොයා බැලීමට පියවර ගත්තේය.