ඇඟිලි සලකුණු යන්ත්‍ර පිරිසකට පමණක් නම් සෞඛ්‍ය වෘත්තීය සමිති සටනට
- 5opn1
- November 28, 2024
- දේශපාලන
- ඇඟිලි සලකුණු යන්ත්‍ර පිරිසකට පමණක් නම් සෞඛ්‍ය වෘත්තීය සමිති සටනට
- 0 Comments
සෞඛ්‍ය පරිපාලකයන් විසින් තෝරාගත් රෝහල් කාර්ය මණ්ඩල සඳහා පමණක් ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතය අනිවාර්ය කිරීම සිදුකරන්නේ නම් ඉදිරියේදී ඊට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බව සෞඛ්‍ය වෘත්තීය සමිති රජයට අනතුරු අඟවයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුබද්ධිත ආයතනවල ඇතැම් පරිපාලකයන් පසුගිය කාලයේ සෞඛ්‍ය සේවාවේ තෝරාගත් වෘත්තිකයන්ට පමණක් පැමිණීම සහ පිටවීම සටහන් කිරීම සඳහා මෙලෙස ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කරන ලෙසට උපදෙස් දී ඇතැයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය පවසයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රතිපත්තිමය වශයෙන් ඇඟිලි සලකුණු යන්ත්‍ර යෙදවීමට තීරණය කරන්නේ නම් තමන් ද ඊට සහාය දීමට එකඟවන අතර, එසේ එකඟතාව පළ කිරීමට නම් සෞඛ්‍ය සේවාවේ සමස්ත වෘත්තිකයන්ටම එම කොන්දේසිය බලපැවැත්විය යුතු බව ද එම බල මණ්ඩලයේ ප්‍රධාන ලේකම් චානක ධර්මවික්‍රම මහතා ‘දිවයින’ට ඊයේ (27දා) ප්‍රකාශ කළේය.
සෞඛ්‍ය අමාත්‍යාංශය පරිපූරක වෛද්‍ය වෘත්තිකයන්ගේ මෙම ගැටලු සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදෙනු ඇති බවට තමන් විශ්වාසය තබා ඇති බවත්, මේ සම්බන්ධයෙන් මේ වනවිටත් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
සුජීව තත්සර