ඉදිකිරීම් හැටට හැටේ

මෙරට ඉදිකිරීම් ව්‍යාපෘතිවල මෙහෙයුම් පසුගිය ඔක්තෝබර් මාසයේ දී වේගවත් වූ බව මහ බැංකුව පවසයි.

මේ අනුව ඉදිකිරීම් අංශයේ ශ්‍රී ලංකා ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වනු ලබන සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය 2024 ඔක්තෝබර් මාසයේදී දර්ශකාංක 54.3ක් දක්වා ඉහළ ගොස් ඇත.

මැතිවරණ සමයේ පැවැති අවිනිශ්චිතතා පහව යෑමත් සමගම මෙම මාසයේ දී ඉදිකිරීම් ව්‍යාපෘතිවල මෙහෙයුම් වේගවත් වූ බව එම සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනකු සඳහන් කර තිබේ.

ඉදිරි කාලය සඳහා නව ඉදිකිරීම් කටයුතු පැවතීම පිළිබිඹු කරමින් නව ඇණවුම් දර්ශකය අඛණ්ඩව ඉහළ ගොස් ඇත.

විශේෂයෙන්ම ඉදිකිරීම් ද්‍රව්‍ය මිල පහත වැටීම වැනි හිතකර වෙළෙඳපොළ වාතාවරණ හේතුවෙන් පෞද්ගලික ආයෝජකයින් ද ඉදිකිරීම් ව්‍යාපෘති කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන බව ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනකු ප්‍රකාශ කර ඇත. ඉදිකිරීම් ක්‍රියාකාරකම් වර්ධනය වීමත් සමග මෙම මාසයේ දී තොග මිලදී ගැනුම් ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

Leave A Comment