ඉන්දීය රජයෙන් m – 10 දුම්රිය ඇන්ජින් විස්සක පරිත්‍යාගයක්. !!!

ඉන්දීය රජයෙන් සුළු වශයෙන් භාවිතා කරන ලද m-10 වර්ගයේ එන්ජින් 20ක ප්‍රදානය භාර ගැනීමට කැබිනට් අනුමැතිය ප්‍රවාහන, මහා මාර්ග සහ සිවිල් ගුවන් සේවා ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව අනුව අදාළ ප්‍රධාන ගිවිසුමට අත්සන් තබා දුම්රිය එන්ජින් 22ක ප්‍රධානය වර්තමාන රජය විසින් භාර ගන්නා බව මේ අනුව තහවුරු වෙයි.

අදාළ මුල් කැබිනට් පත්‍රිකාව රනිල් වික්‍රමසිංහ රජයේ හිටපු ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් 2024 – 06 – 11 දින අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර අනුමැතිය ලබාගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු ප්‍රකාශ කළේ.

මීට වසර දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවේ එවකට හිටපු ඉන්දීය තානාපති භග්ලේ මහතා සමග සාකච්ඡා කර ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමක් අනුව මෙම එන්ජින් 22ක් ලැබෙන බවයි.

මෙම එන්ජින් 22 ලංකාවට ගොඩ බෑ පසු ඉන්දීය සමාගමක් වන රයිට්ස් සමාගම එහි අලුත් වැඩියා කටයුතු ලබා දිය යුතු බවට ඉන්දීය රජය කරන ලද යෝජනාවට දුම්රිය දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති විරුද්ධ වූ බවත් පසුව දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයින් මාර්ගයෙන් එම නඩත්තු කටයුතු කරන බවට එකඟ වී අදාළ ගිවිසුමට අත්සන් කර ඇත.

කැබිනට් පත්‍රිකාව පහතින්

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා ALCO ඩීසල් එන්ජින් 22ක් ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලබාගැනීම

– ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සඳහා සුළු වශයෙන් භාවිතා කරන ලද M10 දුම්රිය එන්ජින් මාදිලියේ වැඩිදියුණු කළ එන්ජින් 20ක් හා එම එන්ජින් නඩත්තුවට අවශ්‍ය අමතර කොටස් ලබා ගැනීම පිණිස අතිරේක දුම්රිය එන්ජින් 02ක් ප්‍රදානයක් ලෙස ලබා දීමට ඉන්දීය දුම්රිය සේවය කැමැත්ත පළ කර ඇත. එකී දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ සේවාව වසර 05ක කාලයකට ලබා දීම සඳහා වන නොකැඳවූ යෝජනාවක් ඉන්දියාවේ ඉංජිනේරු උපදේශක සහ යටිතල පහසුකම් සංවර්ධන සමාගමක් වන RITES සමාගම විසින් ඉදිරිපත් කර තිබේ. එම යෝජනාව ඇගයීමට ලක් කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් සහ ව්‍යාපෘති කමිටුවක් පත් කිරීමට 2024‑06‑11 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ප්‍රදානයක් වශයෙන් ලබා දෙන අදාළ දුම්රිය එන්ජින් නඩත්තු කිරීමේ හැකියාව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව පවතින බවත්, එකී දෙපාර්තමේන්තුවේ කාර්යමණ්ඩලය මඟින් එම කාර්ය ඉටුකරවා ගැනීම යෝග්‍ය බවත් ව්‍යාපෘති කමිටුව විසින් පෙන්වා දී ඇත. ඒ අනුව, ප්‍රථම කොට අදාළ ප්‍රදාන ගිවිසුමට අත්සන් තබා දුම්රිය එන්ජින් 22ක ප්‍රදානය ශ්‍රී ලංකා රජය විසින් පිළිගැනීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

CNL

Leave A Comment