ඉන්දීය-ලංකා නැව් සේවය නැවත අරඹයි

පසුගිය කාලයේ පැවති අයහපත් කලගුණික බලපෑම් හේතුවෙන් නවතා තිබූ ඉන්දියාව සහ කන්කසන්තුරෙයි අතර මගී නැව් සේවාව හෙට (02දා) සිට යළි ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම නැව් සේවාව මඟින්, කන්කසන්තුරෙයි සිට ඉන්දියාවේ නාගපට්නම් දක්වා ගමන් කිරීමේ ගාස්තුව රුපියල් 35,000ක් ලෙස නියම කර තිබේ.

ඉරිදා දින හැර සෙසු සියලුම දිනයන්හි ගමනාගමනය සිදු කිරීමට නැව් සේවා සමාගම අපේක්ෂා කරයි.

පසුගිය වසරේ (2024) ආරම්භ වූ නැව් සේවාව ඔක්තෝම්බර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී උතුරු මුහුදු සීමාවට බලපෑ අධික සුලිසුලං සහ කුණාටු තත්වයන් මෙන්ම ගංවතුර බලපෑම් හේතුවෙන් නවතා දැමීමට තීරණය කර තිබුණි.

divaina

 

Leave A Comment