
උතුරු පළාතේ ප්‍රාදේශීය රෝහල් 33 ක එකම හෙදියක්වත් නෑ – සෞඛ්‍ය අමාත්‍ය නලීන්ද ජයතිස්ස
- Sujeewa Senerath
- July 14, 2025
- දේශපාලන, පුවත්
- dr nalinda jayathissa, health ministry of sri lanka
- 0 Comments
නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.
මෙම ව්‍යාපෘතියේ ආරම්භකයින් වන්නේ වාසන් සිවාජිරාසන් මහතා සහ ජසින්තා මහත්මිය වන අතර, සම්පත්දායකයින් ලෙස ජර්මානු රතු කුරුස වරෙන්ඩොර්ෆ් ශාඛාව සහ ශ්‍රී ලංකා රතු කුරුස සංගමය කටයුතු කර ඇත.
නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල තුළ හදිසි අනතුරු ඒකකයක්, ඖෂධ ශාලාවක්, එන්නත් කාමරයක්, දන්ත ඒකකයක්, හෙද විවේකාගාරයක්, ඊ.සී.ජී ඒකකයක්, ශල්‍ය ඒකකයක්, ප්‍රාථමික සත්කාර ඒකකයක් මෙන් ම සනීපාරක්ෂක පහසුකම් වලින් ද යුක්තය.
සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස තමන් යාපන අර්ධත්වීපයට පැමිණි මුල්ම අවස්ථාව මෙය වන බවත්, එහිදි පැමිණි ප්‍රථම රෝහල නයිනතිවි රෝහල බවත් අමාත්‍යවරයා ප්රථමයෙේම සිහිපත් කළේය.
මෙවැනි ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථාන රට පුරා ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනයට පසුගිය මාස කිහිපය තුළ සවිස්තර සැලසුමක් සකස් කරමින් සිටින බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී පැවසී ය.
මෙරට සෞඛ්‍ය සේවාව පරිවර්තනයකට ලක් විය යුතු බවත් ලෝකයේ සෞඛ්‍ය සේවාවන් පරිවර්තනයට ලක්ව ඇති බව ද මෙහිදී සඳහන් කළ සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවාව ජනතාව කේන්ද්‍ර කර ගත යුතු බවත්, පැවතුනේ වෛද්‍යවරයා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය සේවාවක් බව ද ජනතාව පුරුදුව තිබෙන්නේ දුර ගෙවා ගොස් ප්‍රතිකාර සේවා ලබා ගැනීමට බවත්, යාපනය රෝහලේ ද රෝගී තදබදයට එම තත්ත්වය හේතු වී ඇති බව ද පැවසී ය.
මෙවැනි දුපත්වල ප්‍රාථමික සත්කාර ඒකක වලින් වඩා ගුණාත්මක සේවාවක් ලබා දිය හැකි බවත් වසර 10 ක් 12 ක් වැනි දිගු කාලයක් ගොඩනැගිලි ඉදිකෙරෙද් දී මෙම ගොඩනැගිල්ල නාවික හමුදාව විසින් ඉතා කෙටි කාලයක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට කටයුතු කිරීම සතුටට කරුණක් බව ද පැවසී ය.
ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන ජනතාව පොලිම් වල නොතබා නවීන තාක්ෂණය ද යොදා ගනිමින් වේලාවක් ලබා දී ප්‍රතිකාර සඳහා යොමු කර ගැනීමට බලාපොරොත්තු වන බව ද ජනතාවට අවශ්‍ය වන්නේ එවැනි සේවාවක් බව ද අමාත්‍ය්‍යවරයා මෙහි දී පැවසී ය.
උතුරු පළාතේ එකම හෙදියක්වත් නොමැති ප්‍රාදේශීය රෝහල් 33 ක් වන බවත්, ඉදිරියේ දී නව හෙද පත්වීම් ලබාදීමත් සමග එම අඩුව සපුරාලීමට කටයුතු කරන බව ද මෙහි දී අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.
එමෙන් ම වෛද්‍ය උපකරණ සහ ගිලන් රථ ඇතුළු රථවාහන අළුත්වැඩියා කටයුතු අංශයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දුර්වල බවත්, ඉදිරියේ දී මිල අධික වෛද්‍ය උපකරණ හා ගිලන් රථ ඇතුළු වාහන ලබාදීමේ දී එම භෞතික සම්පත් අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන ආයතන සමඟ කළමනාකරණයට කටයුතු යොදන බවත් රෝහලේ ගිලන් රථ අවශ්‍යතාව සපුරාලන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.
නව බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල සඳහා මුල්‍යාධාර ජර්මානු රතු කුරුස වරෙන්ඩෝර්ෆ් ශාඛාව සහ නයිනතිව් මෙන්ම ජර්මනිය, ස්විට්සර්ලන්තය, එංගලන්තය, කැනඩාව, ප්‍රංශය, ඉතාලිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය ආදී රටවල දානපතීන් සපයා ඇති අතර, මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සහාය ශ්‍රී ලංකා නාවික හමුදාවත්, මෙහෙයුම් සහාය යාපනය දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා, උපදේශන සහාය උතුරු පළාත් සිදු කර ඇත.
උතුරු පළාත් ආණ්ඩුකාර නාගලිංගම් වෙතයනායගම්, ධීවර, ජලජ සහ සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා, යාපනය පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය එස් ශ්‍රීභවන්තරාජා, උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය වී.පී.එස්.ඩි පතිරණ, උතුරු පළාත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ආරුමුගම් කේදීශ්වරන්, උතුරු පළාත් ප්‍රධාන ලේකම් තනුජා මුරුගේෂන්, උතුරු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජෙයරාණි පරමෝද්යන් (Jeyarany Paramodayan), නයිනතිව් ප්‍රාදේශීය රෝහලේ වෛද්‍ය නිලධාරී වෛද්‍ය කේ. ජනුසන්, යාපනය ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ සභාපති බාලක්‍රිෂ්ණන්, අධ්යක්ෂ තිරවියරාසා, ශ්‍රී ලංකා රතු කුරුස සංගමයේ අධ්යක්ෂ ජනරාල් මහේෂ් ගුණසේකර, උතුරු නාවුක කලාපයේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් එචි.එන්.එස් පෙරේරා, උතුරු නාවික ගොඩගැලීම් සුපරින්ටෙන්ඩන්ට් කොමෝඩෝර් (ඊ) එම්.සී.පී. දිසානායක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියහ.