එළවළු ගොවීන්ගේ පොහොර සහානාධාරයට මාටියා ගහලා !
- 5opn1
- November 29, 2024
- ව්‍යාපාරික පුවත්
- එළවළු ගොවීන්ගේ පොහොර සහානාධාරයට මාටියා ගහලා !
- 0 Comments
අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ නව ආන්ඩුව බලයට පැමිණි විගස වී වගා කරන ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දීමට දැඩි කැපවීමකින් කටයුතු කළා.
නොයෙකුත් බාධක මධ්‍යයේ වුවද ගිය සතියේ ගොවීන්ගේ ගිණුම් වලට මුදල් තැන්පත් කළ බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න ප්රවෘත්ති සාකච්ඡාවක් තියලම කීවා. වී වගා කරන මෙරට ගොවි ජනතාවත් ඉතා මහන්සියෙන් තමයි
රටට බත සපයන්නේ.
අධික පොහොර මිල කෘෂි රසායන මිල ට්‍රැක්ටර් කුලිය, කම්කරු කුලිය ඔක්කොම ඉහළ ගිහිල්ලා ! ඔය ඔක්කොම වියදම් දරලා අන්තිමට වී විකුණන්න වෙන්නේ අඩු මිලට නැතිනම් ඩඩ්ලි සිරිසේන නියම කරන මිලට.
ඒක තමයි සත්‍යය.
රජයෙන් යෝජනා කරන මිලට කවුරුත් වී ගන්නේ නැහැ.
එහෙත් අද අපි කතා කරන්න යන්නේ උඩරට එළවළු වගා කරන දඹුල්ලේ ලුණු වගා කරන අනුරාධපුරයේ බඩ ඉරිඟු වගා කරන ගොවීන් ගැන. ජාජබ ආන්ඩුවෙන්
ගොවි ජනතාවට හරියටම කියන්න ඕන එළවළු වගා කරන ගොවීන් ඔය රජය ගොවීන් කියන කැටගරි එකට වැටෙන්නේ නැද්ද කියලා.
ඒකට හේතුව තමයි පසුගිය රජයෙන් යෝජනා කළත් ජාජබ ආණ්ඩුවෙන් වී ගොවියන්ට ලබා දුන්න පොහොර සහනාධාරය එළවළු වගා කරන ගොවියන්ට නොදුන්නේ ඇයිද කියන කාරණය.
බත් කන්න නං එළවලුත් අවශ්‍ය වෙනවා !
දැනට ශ්‍රී ලංකාව තුළ අවම වශයෙන් එළවළු වගා කරන ගොවීන් මිලියනයක් විතර සිටින අතර වාර්ෂික එළවළු නිෂ්පාදනය ටොන් මිලියන 1650ක් පමණ වෙනවා.
අර්ථාපල් කිලෝ 7ක් පමණ එක් පුද්ගලයෙකු වර්ෂයකදී අනුභව කරනවා. එළවලු කිලෝ 18-20 අහාරයට ගන්නවා. මේ සියල්ල වගා කරන්නෙ මෙරට එලවලු ගොවීන්.
ඊට අමතරව සංචාරකයින්ට අවශ්‍ය චීන හර්බල් වර්ග, බ්‍රොකලි, මල්ගෝවා බෙල් පෙපර් ආදී සියල්ල වගා කරන්නේ මෙරට සාමාන්‍ය ගොවි පවුල්. කාන්තා ජනගහනයෙන් 23.5%ක් මෙම ගොවිතැනේ යෙදී සිටිනවා.
කෘෂිකර්ම ඇමති ලාල්කාන්ත මැතිතුමනි
මේ ගොවියන් සියලු දෙනාම බැංකු වලට ණය වෙලයි ඉන්නේ. ඒ විතරක් නෙවෙයි ඔවුන් ණය පැහැර හැරලා. ඒ කියන්නේ ගෙවා ගන්න බැරිව! ගොවිතැනින් ලබන ආදායමෙන් යන්තම් තුන්වේල කාලා ඉන්න පුළුවනි. ගෙයක් දොරක් හදාගන්න, ට්‍රැක්ටරයක් ගන්න, වතුර පොම්පයක් ගන්න අතිරික්තයක් ගොවිතැනින් ඉතුරු වෙලා නැහැ. පවුලේ කාන්තාවන්ගේ කණකර සියල්ල බැංකුවලට උගස් කරලා
පොලිය 20% –
2000 පෙර රජයන් යටතේ ගොවි හැඳුනුම්පතට 9% පොලියට ණය ලබා දුන්නා- ගොවීන් තුන් දෙනෙක් එකතුවෙලා තුන් දෙනාටම එකට ණය ගන්න පුළුවනි. ගොවි ජන සේවා මධ්‍යස්ථානයෙන් බීජ අර්තාපල් සහන මිලට ලබා දුන්නා. පලදා වර්ධන කමිටුවෙන් පොහොර ටික ලබා දුන්නා.
එහෙත් පසුගිය පොහොර අර්බූදය කාලයේ නම් පොහොර සමාගම්වල තිබූන පොහොර ලොරි ගනන් පස්ස දොරෙන් කලු කඩයට ගියා.
පසුගිය වසර 20ක පමණ කාලයක සිට ගොවියා පාලනය කිරීම බහුජාතික සමාගම් අතට පත්වුණා .
අද ගොවියා බහුජාතික සමාගම්වල හිරකාරයෙක්.
මේ සියල්ලම විග්රහ කිරීම තුළින් එළවළු වගා කරන ගොවියත්, ගොවියා කියන කුලකයට වැටෙනවා නේද?
එහෙනම් රජයෙන් ලබාදෙන පොහොර සහනාධාරය ඔවුන්ටත් හිමියි කියලයි අපි හිතන්නේ.
පොහොසත් ගොවීන්ට නැතිනම් ව්‍යාපාරික ගොවීන්ටත් පොහොර සහනාධාර යයි කියලා තර්කයක් ගේන්න එපා.
ගොවීන්ගේ ගොවි හැඳුනුම්පතට පොහොර මිටි දෙකක් හෝ ලබා දුනහොත් මේ අසීරු අවස්ථාවට මුහුන දී සිටින ඔහුන්ට සහනයක් වනවා ඇත.
CNL