කටුනායකට ආ ගුවන් යානා 6ක් මහ වැසි නිසා මත්තලට හා ඉන්දියාවට යවයි

කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය නිසා කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් ඉකුත් 26දා රාත්‍රී මත්තල සහ ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත හරවා යවා තිබේ.

ඒ අනුව ඉන්දියාවේ චෙන්නායි සහ මාලදිවයින මාලේ නුවර සිට පැමිණි ගුවන් යානා මෙන්ම අබුඩාබි සිට පැමිණි ඉටිහාඩ් ගුවන් සේවයේ ගුවන් යානය ද මත්තල ගුවන් තොටුපොළ වෙත ගොඩබස්වා තිබේ.

මීට අමතරව ජපානයේ නරීටා, ඩුබායි සහ ඉන්දියාවේ චෙන්නායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානා 03 ඉන්දියාවේ ත්‍රිවේන්ද්‍රම් ගුවන් තොටුපොළ වෙත යොමු කර තිබේ. එහෙත් 26 වැනිදා රාත්‍රී 09.00 ට චීනයේ චෙංඩු ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි චීන ගුවන් සේවයේ සී.ඒ.- 425 දරන ගුවන් යානය, වැසි පැවතියත් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට සමත් වී තිබේ.

කටුනායක ටී.කේ.ජී. කපිල

Leave A Comment