කාන්තාවට නීති සකසන තැන නියෝජනය කරන්න ජනතාව අපට වරම දුන්නා
- 5opn1
- November 18, 2024
- දේශපාලන
- නිලන්ති කොට්ටහච්චි
- 0 Comments
කළුතරින් මැතිසබයට එන නිලන්ති කොට්ටහච්චි කියයි
“කාන්තාවන්ට නීති සකසන තැන නියෝජනය කරන්න ජනතාව බොහොම විශ්වාසවන්තව වරමක් ලබාදී තිබෙනවා…” යැයි මෙවර මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වූ නිලන්ති කොට්ටහච්චි මහත්මිය පැවසුවාය.
කළුතර පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඇය මෙසේද කියා සිටියාය.
“රටේ නීති සකසන තැන කාන්තාව ප්‍රමාණවත් පරිදි නියෝජනයක් විය යුතු බව සිතා පාර්ලිමේන්තුවට පිවිසීමට අපට ජන වරමක් ලැබුණා. පාර්ලිමේන්තුව කියන්නෙ රටක නීති සම්පාදන කේන්ද්‍රස්ථානය. රටේ විනය තීරණය වෙන්නේ රටේ නීතිය සකසන පාර්ලිමේන්තුව හරහා. ඒ වගේම රටේ ආර්ථිකය, දේශපාලනය සහ ජාතික, ජාත්‍යන්තර සම්බන්ධතා සම්බන්ධයෙන් අනාගතයේ දිශානතිය තීරණය වන්නේම පාර්ලිමේන්තුව හරහා. ඉතිහාසයේ කවරදාටත් වඩා මහජන බලයට ගරු කරන, ප්රජාතන්ත්රවාදය සංකේතවත් කරන නීතියේ ආධිපත්‍ය ගරු කොටගත් පාර්ලිමේන්තුවක් මෙවර අපිට නිර්මාණය කරගන්න අවස්ථාව ලැබුණා.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්