කාල­ගු­ණය යහ­පත් වන ­තුරු පාසල් නිවා­ඩුව ගැන තීර­ණ­යක් නෑ

අධ්‍යා­පන අමා­ත්‍යාංශ ලේකම් නාලක කලු­වැව

රටට බලපා ඇති අය­හ­පත් කාල­ගු­ණය සාමාන්‍ය තත්ත්ව­යට පත් වන තෙක් පාසල් නිවා­ඩුව සම්බ­න්ධ­යෙන් තීර­ණය කළ නොහැකි බව අධ්‍යා­පන අමා­ත්‍යාං­ශයේ ලේකම් නාලක කලු­වැව මහතා ‘දින­මි­ණට’ ඊයේ (27) පැව­සීය.

අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය දින තුන­කික් කල් යෑමත් සමඟ එහි බල­පෑම පාසල් නිවා­ඩු­වට කෙසේ බල­පාන්නේ ද යන්න ගැන ලේක­ම්ව­ර­යා­ගෙන් විමසූ විට මේ බව ඒ මහතා කියා සිටි­යේය.

පාස­ල්වල තෙවැනි වාරයේ දෙවැනි අදි­යර 2025 ජන­වාරි 02 වැනිදා ආරම්භ කිරී­මට නිය­මිත අතර පාසල් නිවා­ඩුව අව­සන්ව නැවත ආරම්භ කර­නුයේ එදි­නය.

රට පුරා අය­හ­පත් කාල­ගු­ණික තත්ත්ව­යක් පැව­තුණ ද උසස් පෙළ විභා­ග­යට පෙනී සිටින දරු­වන්ට ගැට­ලු­වක් නොවන පරිදි විභා­ගය කළ­ම­නා­ක­ර­ණ­යට කට­යුතු කරන බව ද ලේක­ම්ව­රයා ප්‍රකාශ කළේය. පව­තින අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය හේතු­වෙන් අධ්‍ය­යන පොදු සහ­තික පත්‍ර උසස් පෙළ විභා­ගය ඊයේ (27), අද (28) සහ හෙට (29) දින­වල නොපැ­වැ­ත්වී­මට ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව තීර­ණය කර ඇත.

නැවත විභා­ගය පැවැ­ත්වීම සෙන­සු­රාදා (30) සිදු කරන බවත් දැනට ප්‍රසිද්ධ කර ඇති විභාග කාල­ස­ට­හ­නට අනුව විභා­ගය පැවැ­ත්වෙන බවත් ශ්‍රී ලංකා විභාග දෙපා­ර්ත­මේ­න්තුව දැනුම් දෙයි. අය­හ­පත් කාල­ගු­ණික තත්ත්වය නිසා අත්හි­ටු­වී­මට ලක් කළ විෂ­ය­යන් දෙසැ­ම්බර් මස 21, 22, 23 දින­වල පව­ත්වන බවත් ඊට අදාළ සංශෝ­ධිත කාල­ස­ට­හන යථා කාල­යේදී ප්‍රසි­ද්ධි­යට පත් කරන බවත් එම දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

සන්ධ්යා කරු­ණා­රත්න

Leave A Comment