
කුරුණෑගල වැවිලි සමාගමෙන් පොල් අක්කර 676ක් සාලින්ද වෙන සමාගමකට දීලා – ඇමැති සමන්ත විද්‍යාරත්න
- CNL Reporter
- March 15, 2025
- දේශපාලන
- කුරුණෑගල වැවිලි සමාගමෙන් පොල් අක්කර 676ක් සාලින්ද වෙන සමාගමකට දීලා – ඇමැති සමන්ත විද්‍යාරත්න
- 0 Comments
අරුන්දිකගේ යාළුවකුටත් මහින්ද අක්කර 22ක් දීලා
කුරුණෑගල වැවිලි සමාගමට අයත් සාරවත් පොල් ඉඩම් අක්කර 676ක් හිටපු ඇමැති සාලින්ද දිසානායක පසුගිය රජය සමයේ වෙනත් සමාගමකට පවරා ඇතැයි වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් ඇමැති සමන්ත විද්‍යාරත්න මහතා ඊයේ (14දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිරියාල ගොවි සමාගම නමින් සමාගමක් පිහිටුවා එහි සභාපතිව සිටි සාලින්ද දිසානායක ඇමැතිවරයාම මෙම පවරාදීම සිදුකර ඇති බවද දැනටත් එම සමාගමේ සභාපති ලෙස හිටපු ඇමැතිවරයාගේ බිරිඳ කටයුතු කරන බවද සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේය.
මෙයට අමතරව හිටපු ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාගේ හිතවතෙකුට කුරුණෑගල වැවිලි සමාගමේ සාරවත් පොල් ඉඩම් අක්කර 22ක් නිසරු ඉඩම් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අත්සන් කර පවරා දී ඇතැයි ද ඇමැතිවරයා කියා සිටියේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන