කුවේටය, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ඇඟිලි සලකුණු ඉල්ලයි – දෙසැම්බර් 31 තෙක් කල් දෙයි !
- 5opn1
- November 24, 2024
- පුවත්
- කුවේටය, ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් ඇඟිලි සලකුණු ඉල්ලයි - දෙසැම්බර් 31 තෙක් කල් දෙයි !
- 0 Comments
කුවේට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට හා විදේශිකයන්ට සිය ජීවමිතික ඇඟිලි සලකණු ලබා දෙන ලෙස
එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් විශේෂ නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.
එලෙස ඇඟිලි සලකුණු ලබා දිය හැකි අවසාන දිනය 2024 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වන බව සඳහන් කර තිබේ.
නැත්නම් බැංකු ගිණුම් වලට බාධා!
ද ටයිම්ස් ඔෆ් කුවේට් පුවත්පතට අනුව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් සඳහන් කර ඇත්තේ ඇඟිලි සලකුණු ලබා නොදෙන විදේශිකයන්ගේ සියලුම රාජ්‍ය හා බැංකු කටයුතුවලට බාධා පනවන බවය.
මේ අතර ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කුවේට් රාජ්‍යයේ සේවය කරන සියලුම ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇඟිලි සලකණු එරට අභ්‍යන්තර අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති ස්ථානවලදී ලබාදෙන ලෙසය.
‘Sahel’ හෝ ‘Matta’ ක්‍රමයට දිය හැකියි
ඒ අනුව ජීවමිතික ඇඟිලි සලකුණු කුවේට් රාජ්‍යයට අයත් ‘Sahel’ මෘදුකාංගය භාවිතා කිරීමෙන් හෝ ‘Matta’ නමැති ඉලෙක්ට්‍රෝනික ක්‍රමවේදය හරහා ඇඟිලි සලකුණු ලබාදීම සඳහා වේලාවක් වෙන්කර ගැනීමට කාලය වෙන් කරවා ගත හැකිය.
එමෙන්ම ඔන්ලයින් ක්‍රමවේදයට ඇඟිලි සලකුණු ලබාදීමට සුදුසු ආසන්න ස්ථානයක් තෝරා ගැනීමට අවස්ථාව ලබා දී තිබේ.
(Divaina)