
ජම්මු කාශ්මීරයේ සංචාරක මධ්‍යස්ථාන 48 ක් වසා දමයි
- CNL Reporter
- April 30, 2025
- පුවත්
- ජම්මු කාශ්මීරය
- 0 Comments
ඉන්දීය පාලනය යටතේ පවතින ජම්මු හා කාශ්මීර් ප්‍රාන්ත ප්‍රදේශයට ඉකුත් සතියේ එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් අනතුරුව එම ප්‍රාන්තයේ තිබෙන මහජන උද්‍යාන ඇතුළු සංචාරක මධ්‍යස්ථාන 48 ක් ආරක්ෂක හේතුන් මත වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
කාශ්මීර් ප්‍රාන්තයේ තිබෙන මහජන උද්‍යාන ඇතුළු සංචාරක මධ්‍යස්ථාන 87න් 48ක් මෙසේ වසා දමා ඇත්තේ සංචාරකයන් විසින් එම ස්ථාන තර්ජනයක් සේ දැකීම නිසා බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙසේ වසා දමා ඇති කාශ්මීර් ප්‍රාන්තයේ සංචාරක මධ්‍යස්ථාන අතර ප්‍රකට දුෂ්පත්රි, කෝක්මග්, ඩුක්සුම්, සින්තාන් ටොප්, අක්චබායි, බන්ගුස් වැලි, මාගන් ටොප්, ටෝසමෙඩන් වන බව වාර්තා වේ.
ඒමන්ති මාරඹේ