ජයගඟේ අවදානම් තැන් ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය ඇමති බලන්න යයි

කලා වැව සිට අනුරාධපුරයට ජලය ගෙන යන ජයගඟේ ඉවුරු ඛාදනය වීම නිසා ගඟේ බැම්ම කැඩීයාමේ අවධානමකට ලක්ව ඇතැයි එප්පාවල කොන්වැව ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමකට අනුව ඉඩම් හා වාරීමාර්ග නියෝජ්‍යය අමාත්‍යය සුසිල් රණසිංහ මහතා එම බැම්ම නිරීක්ෂණය කරනු ලැබීය.

එහිදී ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නේ කාලාන්තරයක් තිස්සේ වැව් බැම්ම මත රූස්ස ලෙස වර්ධනය වෙන ඇතැම් ගස් වල මුල් මෙම ජයගඟේ ඉවර ඛාදනය වීමට හේතු වී ඇති බවයි. එමෙන්ම ජයගඟ බැම්ම මත ඉදි කර ඇති අලි වැට නඩත්තු කටයුතු සිදු කරන වනජීවී නිළධාරීන් තණ කොළ කැපීම වෙනුවට වල්නාශක යෙදීමද මෙම ඉවුරු ඛාදනයට හේතු වී ඇතැයි ඔවුන් පෙන්වා දුන්හ.

ඒ අනුව ඉවර දෙපස ඇති අධි අවධානම් ස්ථානද ප්‍රදේශවාසීන් අමාත්‍යයවරයාට පෙන්වා දුන් අතර, ඊට පිළියමක් ලෙස අධි අවධානම් සහිත ගස් ඉවත් කර ජයගඟ බැම්ම ප්‍රථිසංස්කරණය කිරීමට අවශ්‍යය පියවර ගන්නා ලෙස මහවැලි නිළධාරීන්ට ඇමතිවරයා උපදෙස් ලබා දුන්හ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍යය අමාත්‍යවරයා කියා සිටියේ,

” ජයගඟේ ඉවුරු සංරක්ෂණය කරනවා හෝ නඩත්තු කටයුතු අවුරුදු 20 කින් විතර හරියට සිදු වෙලා නෑ, ඒ නිසා තැනින් තැන ඛාදනය වෙලා තියෙනවා අනතුරු දායකයි, මේ සම්බන්ධයෙන් තලාව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ප්‍රදේශවාසීන් ලිඛිතව දැනුම් දීලා අවධානය යොමු කළා, ඒ අනුව අපි ජයගඟ නිරීක්ෂණය කළා, එහිදී විශාල අවධානම් තියෙන තැන් දෙක තුනක් හදුනා ගත්තා, මහවැලිය විදිහට ඒ අවධානමක් තියෙන තැන් හදුනා ගෙන ඒවාට පිළියම් හා පිළිසකර කිරීම් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.ගොවීන්ගේ මැසිවිල්ලක් තියෙනවා, බැම්මට අවධානමක් මේක කැඩී ගියොත් පහළ සිටින ජනතාවට අවධානමක් තියෙනවා කියලා.ඒ නිසා මහවැලියේ අවධානය මේකට යොමු කරවලා අධිඅවධානම් තැන් පිළිසකර කිරීම සඳහා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි

DMN

Leave A Comment