
ඩෑන් ප්‍රියසාද් ලංකාවට එද්දීම අත්අඩංගුවට ගනියි
- CNL Reporter
- February 11, 2025
- දේශපාලන
- ඩෑන් ප්‍රියසාද් ලංකාවට එද්දීම අත්අඩංගුවට ගනියි
- 0 Comments
නිකවැරටිය පොලීසිය විසින් නිකුත් කරන ලද වරෙන්තුවක් අනුව සිංහලේ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු ඩෑන් ප්‍රියසාද් මහතාව කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අද (11) අලුයම ඩුබායි සිට මෙරටට පැමිණි අවස්ථාවේදීය.
ඔහුට එරෙහිව අධිකරණ මගින් පනවා ඇති විදෙස් ගමන් තහනමක් නිසා ගුවන් තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඩෑන් ප්‍රියසාද් මහතාව මෙලෙස අත් අඩංගුවට ගෙන පොලීසියට භාර දී ඇත.
2022 වසරේ මැයි මස 09 වැනිදා කොළඹ ගාලු මුවදොර පැවති සාමකාමී විරෝධතාවයට පහරදීමේ නඩුවේ 06 වැනි විත්තිකරු ලෙස ඔහු නම්කර තිබුණි.
නඩුව පැවති අවස්ථාවේදී ඔහු නොපැමිණීම නිසා වරෙන්තුද නිකුත් කර තිබුණි.