
දෙදිනක් පුරා ශ්‍රී ලංකා – තායි සංස්කෘතික උත්සවය ජපානයේ නරිටා හි
- Sujeewa Senerath
- August 21, 2025
- පුවත්, සංචාරක සහ චාරිකා
- 0 Comments
ශ්‍රී ලංකා සහ තායි සංස්කෘතික උත්සවය පසුගි 16 සහ 17 දෙදින උත්කර්ෂවත් අන්දමින් නරීටා හි දී ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනත් කුමාරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණි.
නරිටා චිබා හි ජනතාව සංවිධානය කරනු ලැබූ ලෝක මිත්‍රත්ව සැනකෙලිය 2025 (World Friendship Festival 2025) ලෙස නම් කර තිබූ මෙම උත්සවය,නරිතා නව නගරයේ “සොයෝරා” ඉදිරිපිට බස් රෝටරියේ දී පැවැත් වුණි.
ජපන්, ශ්‍රී ලංකා සහ තායි ජාතික ගී ගායනයෙන් ආරම්භ වූ මෙම උත්සවයට නරිතා නගරාධිපති ගරු ඉසේයි කොයිසුමි මැතිතුමා, නාගරික සභා සභාපතිනි ගරු හිරොෂි අරකි මැතිතුමා, ජපන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් වන ගරු මසාකි කොයිකේ සහ ගරු හජිමේ යටගාවා ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසක් එක් වූහ.
ලාංකික සහ තායි පුරවැසියන් විශාල සංඛ්‍යාවන් ජීවත් වන නරිතා නගරයේ දී ඔවුන්ගේ සංස්කෘතික උරුමයන්ට ඉහළ ගෞරවයක් ලබා දෙමින්,ශ්‍රී ලංකා හා තායි සංස්කෘතිකාංග ජපන් ජනතාවට සමීප කරවීමට චිබා හි ජපන් ජනතාව විසින්ම මෙය සංවිධානය කිරීම මෙහි විශේෂත්වය බව ජපානයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනත් කුමාරසිංහ මහතා පවසයි.
ශ්‍රී ලංකා සහ තායි නර්තන, සාම්ප්‍රදායික ආහාර, රෙදිපිළි, ආභරණ යනාදී ප්‍රදර්ශන සහ අලෙවි කුටි රැසකින් යුක්ත මෙම උත්සවයේ දි ජපානයේ වෙසෙනශ්‍රී ලාංකික නර්තන ශිල්පීන් සැදුම්ලත් Sandusen Dance Crew ඉදිරිපත් කළ නර්තනාංග අතිශය ජනප්‍රිය වූ අතර එහි දී ගිනි සිසිල නර්තනය ජපන් ජාතිකයන් හා විශේෂයෙන් ළමයි අතර අතිශයින් ජනප්‍රිය වී ඇත.