නව හමුදාපති සහ නාවික හමුදාපතිවරු අමාත්‍ය විජිත හේරත් හමු වෙති

නව හමුදාපති සහ නාවික හමුදාපති අමාත්‍ය විජිත හේරත් මහතා හමු වූහ. විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ දී මෙම හමුව සිදු විය.

නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ සහ නව නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ යන මහත්වරු මෙලෙස අමාත්‍යතුමා හමු වූහ.

ධුරයට පත්වීමෙන් පසු හමුදාපතිවරු දෙපල සම්ප්‍රදායානුකූලව අමාත්‍යතුමා හමු වූ නව හමුදාපතිවරුන්ට අමාත්‍යතුමා සුබපැතුම් ද එක් කළේ ය.

මෙහිදී අමාත්‍යතුමා වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද සිදු කෙරිණි.

 

Leave A Comment