නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව මහ බැංකුවෙන් නිවේදනයක්

නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව ශ්‍රී ලංකා මහ බැකුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි සඳහන්ව ඇත්තේ එම යෝජනා ක්‍රම සම්බන්ධව මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවය.

එම ආයතන අතුරින් ඇතැම් ආයතන සම්බන්ධව අධිකරණ කටයුතු ආරම්භ වී ඇති බවය.

අනෙකුත් ආයතන පිළිබඳව අධිකරණමය කටයුතු ආරම්භ කිරීමේ අරමුණින් ඒ පිළිබඳව විමර්ශනයන් නීති ක්‍රියාත්මක කිරීමේ අධිකාරීන් විසින් සිදුකරමින් පවතින බවත් මහා බැංකුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල වෙබ් අඩවිය හා මාර්ගගත ප්‍රකාශනයන් මගින් තහනම් යෝජනා ක්‍රම පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කළ යුතු තොරතුරු මහජනතාවට සැමවිටම තහවුරු කරමින් ලබා දෙන බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

මහ බැංකුව විසින් නිකුත් කළ තහනම් යෝජනා ක්‍රම පිළිබඳ ආයතන පහතින්.

01. Tiens Lanka Health Care (Pvt) Ltd
02. Best Life International (Pvt) Ltd
03. Mark-Wo International (Pvt) Ltd
04. V M L International (Pvt) Ltd
05. Fast3Cycle International (Pvt) Ltd
06. Sport chain app, Sport chain zs society Sri Lanka
07. Onmax DT
08. MTFE App, MTFE SL Group, MTFE Success Lanka, MTFE DSCC Group
09. Fastwin (Pvt) Ltd.
10. Fruugo Oline App/Fruugo Oline (Pvt) Ltd.
11. Ride to Three Freedom (Pvt) Ltd.
12. Qnet
13. Era Miracle (Pvt) Ltd and Genesis Business School
14. Ledger Block
15. Isimaga International (Pvt) Ltd.
16. Beecoin App and Sunbird Foundation
17. Windex Trading
18. The Enrich Life (Pvt) Ltd
19. Smart Win Entreprenuer (Private) Limited
20. Net Fore International (Private) Limited / Netrrix

Leave A Comment