පිරමීඩ ඇතුළු හොර මගඩි වැඩි වෙලා – මහ බැංකුව කියයි

රටේ මූල්‍ය පද්ධතියට අවදානම් ඇති කරන පිරමීඩ ජාවාරම් ඇතුළු තහනම් යෝජනා ක්‍රමවල ශීඝ්‍ර වැඩිවීමක් ඇතැයි මහ බැංකුව පවසයි.

මේ තහනම් යෝජනා ක්‍රමවලින් මහජනතාව ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිගාමී පියවරයන් රැසක් ගෙන ඇති බව ද මහ බැංකුව කියයි.

මේවායින් සමහරක් ආයතන පිළිබඳ නීතිමය කටයුතු අධිකරණය ඉදිරියේ ආරම්භ වී ඇති අතර අනෙකුත් ආයතන පිළිබඳව අධිකරණමය කටයුතු ආරම්භ කිරීමේ අරමුණින් ඒ පිළිබඳ විමර්ශනයන් නීති ක්‍රියාත්මක කිරීමේ අධිකාරීන් විසින් සිදු කරමින් පවතී. එම නිසා තහනම් යෝජනා ක්‍රමවල අවදානමින් ජනතාව ආරක්ෂා කිරීමට පවතින ශ්‍රී ලංකා මහ බැංකුවේ අඛණ්ඩ ක්‍රියාමාර්ගයන්ට සමගාමීව මෙම තහනම් යෝජනා ක්‍රම සමග සම්බන්ධ වීමේ අනතුරු සහගතබව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා සවිස්තරාත්මක මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරන අතරතුර මේවාට සම්බන්ධ වංචනික පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීම සඳහා නීති ක්‍රියාත්මක කිරීමේ අධිකාරීන් වෙත වාර්තා කිරීම ද අඛණ්ඩව සිදු කරමින් පවතී. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රශස්ත හා ඵලදායී ලෙස මෙම මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් සිදු කිරීම සඳහා විවිධ ක්‍රම යොදා ගන්නා ලද බව ද මහ බැංකුව තවදුරටත් කියයි.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

 

Leave A Comment