පුංචි ඡන්ද පනත් කෙටුම්පත ඡන්ද 158ක විශේෂ බහුතරයකින් සම්මත වෙයි

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම ඡන්ද 158ක් ලබමින් විශේෂ බහුතරයකින් සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ (17) සම්මත විය.

පනත් කෙටුම්පත තෙවැනිවර කියවීම සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉල්ලා සිටියේය. ඒ අනුව ඡන්ද විමසීම සිදු කෙරිණ.

එමෙන්ම පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විධිවිධාන සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සඳහා ඡන්ද 187ක් හිමිවිය. පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187ක් හිමිවූ අතර විරුද්ධව ඡන්ද ප්‍රකාශ වීමක් සිදු නොවිණ. ඡන්ද විමසීම සිදුකරන අවස්ථාවේදී සභා ගර්භය තුළ මහජන නියෝජිතයන් 37 දෙනකු නොසිටි අතර පනත් කෙටුම්පත සඳහා ඡන්ද විමසීමක් අවශ්‍ය බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් ඉල්ලා සිටියේය. ඒ අනුව පස්වරු 7.00 ට පමණ ඡන්ද විමසීම සිදු කෙරිණ.

ස්වර්ණා විජේකෝන්,

සන්ධ්‍යා කරුණාරත්න

Leave A Comment