පුනර්ජනනීය බලශක්ති ආයෝජකයින් හා අමාත්‍ය කුමාර ජයකොඩි මහතා සාකච්ඡාවක්
- 5opn1
- December 29, 2024
- පුවත්, බලශක්ති සහ විදුලිය
- power-and-energy
- 0 Comments
“කලාපයේ අධිකම බලශක්ති පිරිවැය දරන රටක් හැටියට අපි ඉන්නේ, ඒ තත්වය වෙනස් කරලා දරාගත හැකි සාධාරණ මිලකට බලශක්තිය ලබාදීම නව රජයේ අරමුණයි. රට සංවර්ධනය කරන්න නම් ඒ දේ කරන්නම ඕනේ. විශේෂයෙන් පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අපි විශාල බලාපොරොත්තුවක් තබා තියෙනවා.
බලශක්ති උත්පාදනයට ආයෝජනය කරන්න පුද්ගලික අංශයේ අයට ඇති තරම් ඉඩකඩ ලබාදෙනවා. රජයටත් ආයෝජකයින්ටත් සාධාරණයක් ඉටුවන දෙපාර්ශවයටම ජය ලැබෙන ක්‍රමවේදය අනුගමනය කරන්න අපි කටයුතු කරනවා. අයෝජකයාගෙත් වටිනාකම් හා අපේක්ෂාවන් තේරුම් අරගත්ත රජයක් හැටියට අපි ඔවුන්ගේ ගැටළු වලට කඩිනම් විසදුම් ලබාදීලා රටේ බලශක්ති ඉලක්ක ජයගන්න ක්‍රියාකරනවා“ යැයි අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පැවසීය.
අමාත්‍යවරයා එම අදහස් පළකලේ අද දින (26) බලශක්ති අමාත්‍යංශයේ පැවති ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය යටතේ ක්‍රියාත්මක කරන මධ්‍යම හා විශාල පරිමාණ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වල ප්‍රගතිය සහ ඊට අදාළ ගැටළු සාකච්ඡා කිරීමේ හමුව සදහා පැමිණ සිටි අදාළ ආයෝජකයන් හා කළ සාකච්ඡාවේදීය.
මෙහිදී පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවලට සම්බන්ධ ආයතන වල නියෝජිතයින් සමග එම ව්‍යාපෘතීන් මුහුණදී ඇති ගැටළු හා එම ව්‍යාපෘති වල වර්තමාන තත්වය මෙන්ම ප්‍රගතිය පිළිබදවද අදාළ වෙනත් කාරණා රැසක්ද සාකච්ඡා විය.
මෙම පුනර්ජනනීය ව්‍යාපෘතින් මගින් ඉදිරි වසර දෙකක කාලය තුළ මෙගාවොට් 500කට වඩා වැඩි ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට බලාපොරොත්තුව වන බවද ඒ සදහා ඉහළ ශක්‍යතාවක් පවතින බවද මෙහිදි හෙළිවිය.
මෙහිදී මතුවූ ගැටළු නිරාකරණය කර ගැනීම සදහා අදාළ රාජ්‍ය ආයතන සමග එක්ව කටයුතු කරන ලෙසත් අවශ්‍ය කරන ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට ඉතා කඩිනමින් කටයුතු කරන ලෙසත් අමාත්‍යවරයා මෙම අවස්ථාවට සහභාගීවූ රාජ්‍ය නිළධාරින්ට උපදෙස් ලබාදුන්නේය.