පූර්ව මැතිවරණ අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
- 5opn1
- November 26, 2024
- දේශපාලන
- පූර්ව මැතිවරණ අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය
- 0 Comments
පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
2024 අංක 44 දරණ රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 52 වන වගන්තිය ප්‍රකාරව පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව නිකුත් කරනු ලබන අතර, පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත් කරගැනීම පිණිස මහ මැතිවරණයක් පැවැත්වීමට නියම කරමින් ප්රකාශනයක් හෝ ආඥාවක් ප්‍රසිද්ධ කර සති තුනක් ඇතුළත රටේ මුල්‍ය තත්ත්වය පිළිබඳ තොරතුරු ඇතුළත් පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාවක් භාණ්ඩාගාර ලේකම් විසින් මහජනතාවට ඉදිරිපත් කළ යුතු වනවා.
ඒ අනුව, පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ වාර්තාව – 2024 සහ වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව – 2024 පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවයි සඳහන් වෙන්නේ.
අදාළ කැබිනට් තීරණය පහතින්.