
මාධ්‍යවේදියා සහ අලෙවිකරණ නියෝජිතයා අරමුණු දෙකක් අතර ගැටෙනවා – බිඟුන් මේනක ගමගේ (video)
- Sujeewa Senerath
- August 1, 2025
- දේශපාලන, පුවත්
- media-sri-lanka
- 0 Comments
පුවත්පත් කලාවේ දී කර්තෘවරුන්ගේ අරමුණු සහ වෙළඳ දැන්වීම් පාර්ශවයේ අරමුණ ඒකිනෙක ගැටෙන්නට බොහෝ විට ඉඩ ඇතැයි මාධ්‍යවේ දී බිගුන් මේනක ගමගේ පැවසී ය.
ඔහු මෙම අදහස් පළ කළේ Anidda Newspaper youtube නාලිකාව සමග කළ සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් බිඟුන් මේනක පවසන්නේ, වෙළඳ දැන්වීම් අංශය නිරන්තරයෙන් උත්සාහ කරන්නේ භාණ්ඩයක් අලෙවි කිරීම සඳහා වුව ද මාධ්‍යවේදියාගේ පාර්ශ්වයෙන් උත්සාහ කරන්නේ කිසියම් ප්‍රවෘතියක් දෘෂ්ටිමය මෙවලමක් ලෙස භාවිත කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව බවයි.
කෙසේ වුව ද මේ වන විට මාධ්‍යවේදි පාර්ශ්වයට වඩා දැන්වීම්කරණ පාර්ශ්වය බලවත් වී ඇති බව ද හෙතෙම අවධාරණය කළේ ය.
මතු පළ වන්නේ බිඟුන් මේනක ගමගේ Anidda Newspaper youtube නාලිකාව සමග කළ සම්පූර්ණ සාකච්ඡාව අන්තර්ගත වීඩියෝව යි.
සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ අනිද්දා පුවත්පතේ ප්‍රධාන කර්තෘ කේ. ඩබ්ලියු. ජනරංජන විසිනි.
https://www.facebook.com/watch/?v=1764568160810657