මාලිමාව ඉදිරියෙන්

පාර්ලිමේන්තු ඡන්ද විමසීමට අදාළව පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය ඊයේ රාත්‍රි 8.45 පමණ වන විට නිකුත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව සමත් විය. එහිදී එම දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයට අනුව ජාතික ජනබලවේගය ඡන්ද 32,296ක් හිමි කරගෙන ඇති අතර, සමඟි ජන බලවේගය ලද ඡන්ද සංඛ්‍යාව 3,523ක් විය. නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ ලැබූ ඡන්ද සංඛ්‍යාව 1,964ක් වූ අතර, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබා ඇති ඡන්ද සංඛ්‍යාව 1,846කි. ඊට අමතරව සර්වජන බලය පක්ෂයට ඡන්ද 607ක් හිමි විය. ජාතික ජන බලවේගය ගාල්ල දිස්ත්‍රික්කයෙන් ලබා ගත් තැපැල් ඡන්ද ප්‍රමාණය ප්‍රතිශතයක් වශයෙන් 79.1%කි.

පුවත්පත මුද්‍රණයට යන අවස්ථාව වන විට දිස්ත්‍රික්ක 3ක තැපැල් ඡන්ද ප්‍රතිඵල නිකුත් කර තිබූ අතර, එක් ආසනයක ප්‍රතිඵලද නිකුත් කර තිබිණි. ප්‍රකාශිත ප්‍රතිඵල මෙසේ ය:

රත්නපුර දිස්ත්‍රික්කය (තැපැල්): ජාතික ජන බලවේගය – 24,776, සමගි ජන බලවේගය – 2,969, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1,528, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – 1,031, සර්ව ජන බලය – 463.

කළුතර දිස්ත්‍රික්කය (තැපැල්): ජාතික ජන බලවේගය – 29,076, සමගි ජන බලවේගය – 3,340, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 1,913, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – 1,160, සර්ව ජන බලය – 613.

ගාල්ල දිස්ත්‍රික්කය – (ගාල්ල ආසනය): ජාතික ජන බලවේගය – 39,707, සමගි ජන බලවේගය – 9,410, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 3,741, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – 1,885, සර්ව ජන බලය – 715.

හම්බන්තොට දිස්ත්‍රික්කය (තැපැල්): ජාතික ජන බලවේගය – 17,326, සමගි ජන බලවේගය – 1,623, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ – 1,293, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 774, සර්ව ජන බලය – 188.

මේ ප්‍රතිඵලවට අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 79.4%ක්, ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 79.08%ක්, කළුතර දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 78.99%ක්, ගාල්ල ආසනයේ නිල ඡන්ද 70.16%ක් සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද 79.93%ක් වශයෙන් ලබාගෙන ජය හිමි කරගැනීමට ජාතික ජන බලවේගය සමත්ව තිබේ.

මහින්ද අලුත්ගෙදර, සුභාෂිණී සේනානායක, උපාලි කරුණාරත්න, රක්ෂණ ශ්‍රියන්ත සහ නෙත්මි පූජනී රත්නායක

 

Leave A Comment