මීදුමේ රහස හෙළිවෙයි: වායු ගුණාත්මකභාවය අහිතකර තත්ත්වයක

බෙංගාල බොක්ක මුහුදු කලාපයේ පැවැති ගැඹුරු පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ ගණනාවක ඊයේ (29දා) වායු ගුණාත්මකභාවය මිනිස් ශරීරයට සුළු වශයෙන් අහිතකර තත්ත්වයට පත්ව තිබූ බව ‘වාහන වායු විමෝචන භාරකාර අරමුදල’ සඳහන් කරයි.

වායුගුණ තත්ත්ව දර්ශකයට අනුව අගය 0 සිට 50 දක්වා පැවතීම යහපත් තත්ත්වයක් වුවත් එය 101 සිට 150 දක්වා අගය සුළු වශයෙන් වැඩිව තිබීම මිනිස් ශරීරයට අහිතකර තත්ත්වයක් ලෙස සැලකිය හැකි බව ද එම අරමුදල පෙන්වා දෙයි.

ඒ අනුව ඊයේ (29 දා) පෙරවරුව වනවිට කොළඹ, ගම්පහ,කුරුණෑගල, මහනුවර, ගාල්ල, හම්බන්තොට, මොනරාගල, ත්‍රිකුණාමලය, වව්නියාව සහ යාපනය ඇතුළු නගර 15ක වායු ගුණාත්මකභාවය එම දර්ශකයට අනුව 101ත් 150ත් අතර වැඩිවීමක් සඳහන් වූ බවත් එය සුළු වශයෙන් අහිතකර තත්ත්වයක් ලෙස හැඳින්විය හැකි බවත් සඳහන් කරන එම අරමුදල දර්ශකයට අනුව අගය 201 සිට 300 දක්වා ඉහළ යෑම ඉතා අහිතකර තත්ත්වයක් බව ද සඳහන් කරයි.

පැවති තත්ත්වය යටතේ කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක ඊයේ (29 දා) පෙරවරුවේ මීදුම් වැනි ස්වභාවයක් පැවති බව ද ‘වාහන වායු විමෝචන භාරකාර අරමුදල’ වැඩිදුරටත් සඳහන් කර සිටී.

සුජීව තත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

Leave A Comment