මෙරට ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන ගැන අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
- 5opn1
- January 8, 2025
- දේශපාලන
- මෙරට ඊශ්‍රායල ආගමික මධ්‍යස්ථාන ගැන අග්‍රාමාත්‍යවරියගෙන් ප්‍රකාශයක්
- 0 Comments
ඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා අද පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයක පිළිතුරු දෙමින් ඇය ඒ බව සඳහන් කළාය.
ඊශ්‍රායල ජාතිකයින් ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා මේ දක්වා බුද්ධශාසනල ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය හෝ ඒ යටතේ පවතින දෙපාර්තමේන්තු මගින් අවසර ලබාදීමක් සිදුකර නැති වුවත් ඔවුන් එවැනි මධ්‍යස්ථාන පවත්වාගෙන යන බවට තොරතුරු ලැබී ඇතිබවත් අග්‍රාමාත්‍යවරිය කීවාය. ඒවා පිළිබඳව නිරීක්ෂණයක් කර ඇති අතර ඒ පිළිබඳව මොකද්ද සිදුකළ යුතුතේ කියන එක පිළිබඳව සාකච්ඡා කරන පබවත් ඒවා නවත්නවන් කුමක්ද කළ යුත්තේ කියා විදෙස් කටයුතු අමාත්‍යාංශය මගින් මැදිහත්වීමක් සිදුකරන බවද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.
divaina