රටට ම ආදර්ශයක් දුන් මලියදේවයේ දිරිය පුතු
- CNL Reporter
- March 5, 2025
- පුවත්
- රටට ම ආදර්ශයක් දුන් මලියදේවයේ දිරිය පුතු
- 0 Comments
“අම්මගේ බලාපොරොත්තුව වුණේ, මලියදේව මගේ විද්‍යාලයේ උස පැනීමේ මෙතෙක් තිබූ වාර්තා බිඳ දමමින් ජය හිමිකර ගන්නවා දැකීමයි. මම ඒක අද කළා. ඒත් සතුටු වෙන්න අම්මා අද මගේ ළඟ නෑ.”
මේ සංවේදී වචන පෙළ අපට ඇහෙන්නේ ඉතා අධිෂ්ඨානශීලි සහ ධෛර්යවන්ත පාසල් සිසුවෙකුගේ මුවිනි.
ඒ මලියදේව විද්‍යාලයේ වාණිජ අංශයෙන් උසස් පෙළ හදාරන බී. එල්. නිපුණ මනෝද්‍ය කොඩිකාර ශිෂ්‍යයාය.
නිවාසන්තර ක්‍රීඩා තරග සඳහා පුහුණුවීම් කටයුතු කරන අතරතුර පසුගිය පෙබරවාරි 25 වෙනිදා නිපුණගේ ආදරණීය මෑණියන් වූ 42 හැවිරිදි පද්මිණී මානෙල් මහත්මිය ජීවිතයට සමුදී තිබුණි.
ඇයගේ වියෝව නිපුණට දරාගත නොහැකි වූ කනගාටුවක් මෙන්ම අභියෝගාත්මක අවස්ථාවක් බවට පත්විය.
නිපුණට එය වඩාත්ම පීඩාකාරී වුයේ ඔහුට සිටි එකම ඥාතියා වුයේ ද ඔහුගේ මව පමණක් වීම නිසාවෙනි.
ඒ අභියෝගාත්මක අවස්ථාවේ ඔහුට ඉතිරිවී තිබුණේ, දරාගැනීමේ ශක්තිය අධිෂ්ඨානය සහ කැපකිරීම පමණි.
ඒ කැපකිරීම වෙනුවෙන් නිපුණව තනි නොකර ඔහුට ශක්තියක් වූයේ ඔහු ඉගෙන ගත් පාසලයි.
මවගේ අවසන් කටයුතු සියල්ලම සංවිධානය කරනු ලැබුවේ ද පාසල මුලිකත්වයෙන් වීම ද එම අවස්ථාවේ දී නිපුණට ලැබුණු මහත් ශක්තියකි.
දින හයක් පමණ කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ නිපුණගේ මවගේ දේහය පසුගිය 3 වනදා කුරුණෑගල නගර සභාවට අයත් අවමංගල ශාලාවක තැන්පත්කර ඇයගේ අවසන් කටයුතු සියල්ල කුරුණෑගල මලියදේව විද්‍යාලයේ මුලිකත්වයෙන් සිදුවුණි.
මෙහිදී අදහස් දැක්වූ මලියදේව විදුහලේ විදුහල්පති ඩබ්. එම්. සි. කේ. මහමිතව මහතා මෙලෙස අදහස් දැක්විය.
“නිපුණ මනෝද්‍ය පුතා අපේ පාසලේ ඉතාමත් දක්ෂ දරුවෙක්. ඔහු ක්‍රීඩාවටත් ඒ වගේම ඉතාම දක්ෂයි. ඔහු තරගවලට ඉදිරිපත්වන අවස්ථාවක මව හදිසි රෝගී තත්ත්වයකට පත්වෙලා මේ වගේ කනගාටුදායක සිද්ධියකට පුතා මුහුණදුන්නා . ඒ වෙලාවේ විද්‍යාලයක් විදිහට අපේ පාසලේ ආචාර්ය මණ්ඩලය, පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් වගේම ආදි ශිෂ්‍ය සංගමය පුතාට ශක්තියක් වෙන්න කටයුතු කළා. අපි මූලික ම අදහස වුණේ ඔහු තනි නොකර සෑම විටම සිටිය යුතු බවයි. ඒ අනුව මවගේ දේහය පිළිබඳ අවසන් කටයුතු විද්‍යාලයේ භික්ෂූන් වහන්සේලා ප්රමුඛ ආචාර්ය මණ්ඩලය සහ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් සිදුකරනු ලැබුවා. මේ අවමංගල අවස්ථාව අපි හැමෝටම විශේෂ අවස්ථාවක් වුණා මොකද මීට පෙර අවමංගල අවස්ථාවලට සහභාගී වුණත්, මෙවැනි දරුවෙක් වෙනුවෙන් ඔහු තනි නොකර හිඳිමින් අවසන් කටයුතු කළ පළවෙනි අවස්ථාව මේක.”
නිපුණ තම මවත් සමග යන්තම්පලාව ප්‍රදේශයේ ජීවත් වුවද ඔහුට තම මෑණියන්ගේ දේහය නිවසට ගෙනයාමට තරම් හැකියාවක් තිබුණේ නැත.
ඔහු ඒ වන විට විද්‍යාලයේ රාජසිංහ නිවාසය නියෝජනය කරන ක්‍රීඩා නායකයා ලෙස කටයුතු කළේය.
එමෙන්ම සෑම වසරකම උස පැනීමේ තරග ඉසව්වෙන් වාර්තා තබමින් ජයග්‍රහණ ලද නිපුණ මෙවර ක්‍රීඩා උළෙලේදීද වාර්තාවක් තැබීමට සූදානම් වෙමින් සිට ඇත. ඒ සඳහා ද දිරිගැන්වූයේ නිපුණගේ මව සෑම දිනකම පෙරවරු හයේ සිට පස්වරු හය දක්වා නිපුණගේ පසුපස සෙවනැල්ලෙමින් සිටියාය.
ඇයගේ එකම බලාපොරොත්තුව වී ඇත්තේ ද, මෙතෙක් පාසලේ තබා ඇති වාර්තාව බිඳකහෙළමින් තම පුතුට ඉදිරියට යනු දැකීමය.
ඊට පසු දින තරඟයට මුහුණදීමට සිදුවූ නිසා තම මවගේ දේහය කුරුණෑගල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරය තුළ තබන්නට විද්‍යාලයේ ඉගෙනුම ලබන සොයුරෙකුගේ මවගේ මැදිහත්වීමෙන් රෝහල් කාර්ය මණ්ඩලය අවස්ථාව සලසා දී තිබුණි.
දහස් ගණන් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආදර්ශයක් දෙමින්, මවගේ බලාපොරොත්තු ඉටුකරන්නට ශක්තියක් වෙමින් සියල්ල දරාගත් නිපුණ උස පැනීමේ තරඟයෙන් විද්‍යාලයෙන් නව වාර්තාවක් තබමින් පසුගිය 28 වන දා ජයග්‍රහණය හිමිකර ගත්තේය.
එහෙත් ඔහුගේ ජයග්‍රහණය දකින්නට ඒ වන විට ඔහුගේ මව ජීවතුන් අතර නොසිටීම සියලුදෙනාටම දරාගත නොහැකි අවස්ථාවක් වුණි.
මවගේ අවසන් කටයුතුවලින් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ නිපුණ,
“මම මේ අවස්ථාවට මුහුණ දුන්නේ අම්මගේ මිය ගිහින් මෝචරයේ සිටියදී. මේ වගේ අවස්ථාවක් කාටවත් සිද්ධ වෙලා නැතිව ඇති. මම කියන්නේ, ඕනෙම කෙනෙකුට මම වගේ හිතට ශක්තිය අරන් ජීවිතය දිනන්න කියලයි. මට කියන්න බැරි ගොඩක් දේ තිබුණත්, මට කියන්න තියෙන එකම දේ අම්මගේ බලාපොරොත්තුව ඉෂ්ඨ කරන්න. මම සියලු දේ දරාගෙන මේ ජයග්‍රහණය කරා . අවුරුදු එකොළහක් තිස්සේ උස පැනීමේ ඉසව්වෙන් ජයග්‍රහණය පසුපස මම ගියා. පාසලේ මීට පෙර මා තබා තිබූ වාර්තාව මීටර්1.81යි. මෙවර ඒ වාර්තාව මම මීටර් 1.89ක් විදිහට වාර්තාකරමින් ජයග්‍රහණය ලැබුවා. මගේ බලාපොරොත්තුව අනාගතයේදී සමස්ත ලංකා වාර්තාවත් බිඳ හෙලමින් ජයග්‍රහණය හිමිකර ගැනීම. මං ඉගෙන ගන්න නංගිලා මල්ලිලාට කියන්නෙත් මොන බාධක තිබුණත්, ඉගෙන ගනිමින් ඉදිරියට යන්න කියලයි. ඒ යන ගමනේ දී ඉවසීම අධිෂ්ඨානය, කැපවීම
ADnews