රාජ්‍ය අංශය ඩිජිටල්කරණය ලබන වසරේ අරඹනවා

තරුණ කටයුතු නි. ඇමැති එරංග ගුණසේකර
ලබන වසරේදී මෙරට රාජ්‍ය අංශය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පියවර ගන්නා බව තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර මහතා පැවසීය.

මෙමගින් මෙරට විශාල සමාජ පරිවර්තනයක් සිදුකිරීම නව රජයේ අභිලාෂය වී ඇතැයි ඊයේ (23දා) කොළඹ පැවැති උත්සව අවස්ථාවකට එක්වෙමින් හෙතෙම සඳහන් කළේය.

රට ඩිජිටල්කරණය කරා රැගෙන යන ගමනට අමතරව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන ද ආරම්භ කරන බව පැවසූ නියෝජ්‍ය ඇමැතිවරයා, ඒ හරහා රටේ සදාචාරය නඟාසිටුවීම, සංස්කෘතිය, සහෝදරත්වය සහ නව චින්තනයක නැඟීසිටීම ද අපේක්ෂා කරන බව කීය.

මෙම වැඩසටහන් ජනතාව සමග එක්ව ක්‍රියාවට නැංවීම ජනතාවාදී රජයක් වන තම රජයේ අරමුණ බවද නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

සුජීව තත්සර

Leave A Comment