රියැදුරන් – නියාමකයන් නැතිව ඊයේ දුම්රිය කීපයක් අවලංගු වෙයි
- 5opn1
- November 15, 2024
- පුවත්
- රියැදුරන් – නියාමකයන් නැතිව ඊයේ දුම්රිය කීපයක් අවලංගු වෙයි
- 0 Comments
මැතිවරණය පැවැති ඊයේ (14දා) දිනයේදී දුම්රිය කිහිපයක් අවලංගු කිරීමට සිදුවූ බව දුම්රිය ගමනාගමන අධිකාරි එන්.ජේ. ඉදිපොළගේ මහතා ‘දිවයින’ට පැවසීය.
දුම්රිය රියැදුරන්, සහායකයන් සහ නියාමකයන් සේවයට නොපැමිණීම නිසා මෙම තත්ත්වය ඇතිවුවත් ශීඝ්‍රගාමී දුම්රිය ධාවනය කිරීමට එය බාධාවක් නොවූ බවද ඒ මහතා කීය.
දුම්රිය කිහිපයක් ඊයේ ධාවනය නොවූවත් අද (15දා) පොහොය දිනයක් බැවින් සාමාන්‍ය දිනවල ධාවනය කරන පරිදි දුම්රිය ධාවනය වීමක් සිදුනොවන බවද ඔහු කීය.
ඊයේ අවලංගු වූ දුම්රියන් කෙටි දුම්රිය ගමන්වාර බවත් දුම්රිය රියැදුරන්, සහායකයන් සහ නියාමකයන් ඡන්දය ප්‍රකාශ කිරීමට ගොස් විවිධ හේතු නිසා නැවත පැමිණීමට නොහැකිවීමෙන් දුම්රිය අවලංගු කිරීමට සිදුවූ බවත් ඉදිපොළගේ මහතා කියාසිටියේය.
චමින්ද සිල්වා