ලංකාවේ දක්ෂිණාංශිකයන්ට ට්‍රම්ප්ගෙන් ටියුෂන්

දක්ෂිණාංශය යනු මේ යැයි සිතමින් විවිධ මනෝ ලෝකවල සැරිසරන සියලු ප්‍රාඥයින්ට ඇත්ත දක්ෂිණාංශයක ලක්ෂණ මොනවාද යන්න තේරුම් ගැනීම සඳහාම පිළියෙළ කළ දේශපාලන විද්‍යාව පළමු වසර දේශන මාලාවක් මේ දිනවල ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වේ. පාඨමාලාව මෙහෙයවනු ලබන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් නමැති මහතාණන් කෙනෙකි.

එතුමන්ගේ දක්ෂිණාංශය ටිකක් පමණට වඩා වැඩි බව ඇත්තය. ඒ නිසාම සමහරු එය අතිදක්ෂිණාංශයක් ලෙස හඳුනා ගනිති. කෙසේ වෙතත් ඕනෑම දෙයක නියම චරිත ලක්ෂණ දැනගැනීම සඳහා එහි උග්‍ර ප්‍රභේදයක් නිරීක්ෂණය කිරීම ප්‍රතිඵල දායක බැවින්, දක්ෂිණාංශය යනු කුමක්දැයි තේරුම් ගැනීමට කැමති සියලු ලාංකේය සුධීමතුන්ට මේ උදාවී ඇත්තේ මහඟු අවස්ථාවකි.

දේශපාලනයේදී දකුණ කියා කියන්නේ බෙන්තර ගඟෙන් එහා පැත්තටවත්, අනේකවිධ දේශපාලන සරණාගතයන් සහ අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන් අව්වෙන් වැස්සෙන් බේරෙන්නට අටවාගන්නා විවිධ තාවකාලික කූඩාරම්වලටවත් නොව, නිශ්චිත පදනම් වටිනාකමක් මත ගොඩනැගුණු මහජනයාගේ දේශපාලනයකටය යන්න ඒ පාඨමාලාව මගින් ටොකු ඇන ඇන උගන්වනු ලැබේ.

ප. ලි. – දකුණ ගැන දැනගන්නට ඕවා අවශ්‍ය නැති බවත්, ගණන් හැදීමෙන් හා භාවනා කිරීමෙන් ඒ දැනුම ඉබේම ලැබෙන බවත් තරයේ පවසා සිටින මහදුරු නලින්ගේ සූදුරු ගෝලයන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළු වී අවශ්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

| අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය

 

සබැඳි පුවත්

Tags:

Leave A Comment