ලොහාන් රත්වත්තේ වැලිකඩ බන්ධනාගාර රෝහලට
- 5opn1
- November 2, 2024
- දේශපාලන
- ලොහාන් රත්වත්තේ
- 0 Comments
අධිකරණය මඟින් ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළ හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කර ඇත.
බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක මහතා පැවැසුවේ අධිකරණයෙන් ලැබූ නියෝග මත හිටපු රාජ්‍ය ඇමැතිවරයා අඛණ්ඩව ලබාදිය යුතු වෛද්‍ය ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවයි.
බන්ධනාගාර රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ ලොහාන් රත්වත්තේ මහතා අශන්යාශ ප්‍රදාහය(Pancreatitis) අක්මාවේ තෙල් තැන්පත් වීම (Fatty liver) ඇතුළු රෝග ගණනාවකින් පෙළෙන බවයි.එබැවින් ඔහු අඛණ්ඩව ඖෂධ භාවිත කරන අතර ඒ වෙනුවෙන් බන්ධනාගාර රෝහලට ඔහුව යොමු කර ඇත.
එමෙන්ම ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර හිටපු රාජ්‍ය ඇමැතිවරයා ද වන බැවින් ඔහුට විශේෂ ආරක්ෂාවක් බන්ධනාගාරය තුළ සපයන ලෙසද අධිකරණය දන්වා තිබේ.
DN