වැරදිකරුවන්ට උසාවි ඇවිත් වොයිස් කට් දී ගෙදර යන්න මාලිමාව ආණ්ඩුවෙන් ඉඩ නැතැයි ඇමැති විජිත කියයි

යහපාලන ආණ්ඩුව මෙන් නොව අනුර කුමාර දිසානායක සහෝදරයාගේ ආණ්ඩුව වැරදිකරුවන් අත්අඩංගුවට ගන්නේ ඇගේ හයියට නොව නිසි ක්‍රමවේදයකට අනුව බව විදේශ කටයුතු,සංචාරක සහ විදේශ සේවා අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.එනිසා වැරදිකරුවන්ට උසාවියට ඇවිත් මාධ්‍ය වෙත වොයිස් කට් දී ගෙදර යන්න බැරි බවත් කීවේය.ඒ අනුව තාජුඩීන් ඝාතනය,පාස්කු ප්‍රහාරය,ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ඇතුළු සිද්ධීන් සම්බන්ධව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත් පැවසීය.ඒ අනුව පසුගියදා හිටපු ඇමැතිවරයෙක්ව ගෙදරට ගිහින් අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් එක්කනෙක් අත්අඩංගුවට ගැනීමට සූදානම් වෙද්දී සැගවී ඇති බවත් ඉදිරියේදී ඒ අයවත් අත්අඩංගුවට ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

divaina

 

Leave A Comment