වැලිකඩදී මියගිය සත්සරගේ දේහය ගොඩගැනීම ඇරඹෙයි

වැලිකඩ පොලිස් භාරයේ සිටිය දි පසුගිය 02 වැනිදා මියගිය 26 හැවිරිදි මුතුවාඩියගේ සත්සර නිමේෂ් නැමැති තරුණයා ගේ දේහය නව පශ්චාත් මරණ පරික්ෂණයක් සදහා නැවත අද (23 )දින ගොඩ ගැනිමේ කටයුතු ආරම්භ කර තිබෙයි.

බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා සහ ඒ සදහා පත්කර ඇති ත්‍රීපුද්ගල වෛද්‍ය මණ්ඩලය ඉදිරිපිට දී දේහය ගොඩගැනීමේ කටයුතු සිදු කරයි.

අදාළ දේහය මිගහකිවුල ,පහලගෙදර මිහිදන් කර තිබිණි.

වැලි­කඩ පොලී­සිය මඟින් අත්අ­ඩං­ගු­වට ගෙන රෝහ­ල්ගත කිරී­මෙන් පසුව මිය­ගිය බව කියන මීග­හ­කි­වුල, පහ­ල­ගෙ­දර තුරු­ලිය සෙවන පදිංචි මුතු­වා­ඩි­යගේ සත්සර නිමේෂ් නැමැති 25 වියැති තරු­ණ­යාගේ මර­ණ­යට සාධා­ර­ණ­යක් ඉටු කර දෙන්නැයි ඉල්ල­මින් මීග­හ­කි­වුල හා අවට ප්‍රදේ­ශ­වා­සීහු පසුගිය (07) වැනිදා මීග­හ­කි­වුල නග­ර­යේදී නිහඬ උද්ඝෝ­ෂ­ණ­යක් ද සිදු කළහ.

Leave A Comment