විජිතගේ මනාප ලක්ෂ 7 පනී , දෙවැනි තැන ගත් හරි­නිට ලක්ෂ හයහමා­රක්

මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ අපේ­ක්‍ෂ­ක­යකු ලබා­ගත් වැඩිම මනාප ප්‍රමා­ණය ලබා­ග­නි­මින්, ජාතික ජන බල­වේ­ගයේ ගම්පහ දිස්ත්‍රිත් නායක විජිත හේරත් මහතා සුවි­ශේෂ වාර්තා­වක් පිහි­ටු­වී­මට සමත් විය.

ඔහු ලබා­ගත් මනාප සංඛ්‍යාව හත් ලක්ෂ දාසය දහස් හත්සිය පහ­ළො­වකි. මෙරට මැති­ව­රණ ඉති­හා­සයේ වැඩිම දෙවැනි මනාප සංඛාව අත්පත් කර­ගනු ලැබුවේ ජාතික ජන බල­වේ­ග­යෙන් කොළඹ දිස්ත්‍රි­ක්කය සඳහා ඉදි­රි­පත් වූ අග­මැ­තිනි ආචාර්ය හරිනි අම­ර­සූ­රිය මෙණෙ­විය වන අතර, මනාප ඡන්ද 655,289ක් ලබා­ග­නි­මින් කොළඹ දිස්ත්‍රි­ක්කයේ පළ­මු­වැ­නියා වීමට ඇය සමත්ව තිබේ.

හිටපු ජන­පති මහින්ද රාජ­පක්‍ෂ මහතා 2020 මහ මැති­ව­ර­ණ­යට කුරු­ණැ­ගල දිස්ත්‍රි­ත්ක­යට තරග කර­මින් ලබා­ගත් මනාප පන් ලක්‍ෂ විසි හත්ද­හස් තුන්සිය හැට­හ­තර වැඩිම මනාප තෙවැනි ස්ථානයේ පසු වන අතර, 2015 මහ මැති­ව­ර­ණ­යට කොළඹ දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කළ හිටපු ජනා­ධි­පති රනිල් වික්‍ර­ම­සිංහ මහතා මනාප පන් ලක්ෂ පන්සිය හැට හයක් ලබා­ගෙන තිබිණි.

1994 මහ මැති­ව­ර­ණ­යේදී හිටපු ජනා­ධි­ප­තිනි චන්ද්‍රිකා බණ්ඩා­ර­නා­යක කුමා­ර­තුංග මහ­ත්මිය පොදු පෙර­මුණ යටතේ ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන් තරග කර­මින් මනාප හාර ලක්‍ෂ හැට­හ­තර දහස් පන්සිය අසූ­අ­ටක් ලබා­ගැ­නී­මට සම­ත්වූ­වාය.

2010 මහ මැති­ව­ර­ණ­යේදී එක්සත් ජනතා නිද­හස් සන්ධා­නය යටතේ ගම්පහ දිස්ත්‍රි­ක­යෙන් තරග කළ බැසිල් රාජ­පක්‍ෂ මහතා මනාප 4 25,861ක් ලබා ගනි­මින් එම මහ මැති­ව­ර­ණ­යෙන් දිව­යිනේ වැඩිම මනා­ප­ලා­භියා බවට පත්විය. ඒ අනුව සමා­නු­පා­තික ඡන්ද ක්‍රමය අනුව 1989 සිට මේ දක්වා පැවති සියලු මැති­ව­රණ ප්‍රති­ඵල අනුව වැඩිම මනාප සංඛ්‍යා­වක් හිමි­කර ගෙන ඇත්තේ, විජිත හේරත් මහ­තායි.

Leave A Comment