විසා අහිමි ශ්‍රී ලාංකික ශ්‍රම බළකාය වෙත ඊශ්‍රායලයෙන් කොළ එළියක්

වීසා අවසන් වීම හේතුවෙන් වසර කීපයක් පුරා විවිධ අසීරුතාවලට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයිනට සමාවක් ලබාදී ඔවුන් ශ්‍රම බලකායට එකතු කරගැනීමට කටයුතු කරන්නැයි

ඊශ්‍රායල තානාපතිගෙන් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් ඉල්ලීමක් කර ඇතැයි සඳහන් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනු ලැබ ඇත.

විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශ මාධ්‍ය ලේකම් සකීෆ් සාම්ගේ අත්සනින් යුතු මෙම මාධ්‍ය නිවේදනයට අනුව විජිත හේරත් අමාත්‍යවරයාගේ ඉල්ලීම ඊශ්‍රයල් රාජ්‍ය වෙත යොමු කිරීමට ඊශ්‍රායල තානාපතිවරයා එකඟතාව පළ කර ඇත.

මතු දැක්වෙන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය විසින් මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබ ඇති සම්පූර්ණ නිවේදනය යි.

theleader.lk

 

Leave A Comment