ශ්‍රී ලංකාවේ ආහාර අනාරික්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වේ – ලෝක ආහාර වැඩසටහන

ශ්‍රී ලංකාවේ ආහාර අනාරක්ෂිතභාවය 24% සිට 16% දක්වා අඩු වී ඇතැයි පිලිප් වෝඩ් (Philip Ward) මහතා විදේශ කටයුතු විදේශ රැකිය සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාට දැනුම් දුන්නේ ය. ආහාර අනාරික්ෂිතභාවය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව මෑත කාලය තුළ  ලබා ඇති ප්‍රගතිය පිළිබඳව ලෝක ආහාර වැඩසටහනේ (WFP) නව නියෝජිත පිලිප් වෝඩ් මහතා මෙසේ සිය ප්‍රසාදය පළ කළේ (18) දින අමාත්‍යතුමා වෙත අක්ත පත්‍ර භාර දීමෙන් අනතුරුව පැවැති සාකාච්ඡාවේ දී ය.

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශයේ පැවැති මෙම සාකච්ඡාව අතරතුර, දරිද්‍රතාවය පිටුදැකීම, ආහාර සුරක්ෂිතතාව සහතික කිරීම සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම කෙරෙහි විශේෂයෙන් අවධාරණය කරමින්, ජාතික සංවර්ධන න්‍යාය පත්‍රයේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන ප්‍රමුඛතා පිළිබඳව අමාත්‍ය විජිත හේරත් මහතා පෙන්වා දුන්නේ ය. තිරසාර සංවර්ධනය ඉදිරියට ගෙන යාම සහ රටේ ජනතාවගේ යහපැවැත්ම වැඩි කිරීම සඳහා ලෝක ආහාර වැඩසටහන සමඟ අඛණ්ඩව කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බව ද අමාත්‍යතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

ඒ අනුව ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතාවන්ට සමගාමීව ලෝක ආහාර වැඩසටහනේ ව්‍යාපෘති දියත් කරමින් අඛණ්ඩව ශ්‍රී ලංකා රජයට සහාය වීමට ලෝක ආහාර වැඩසටහන බලාපොරොත්තු වන බවත් පිලිප් වෝඩ් මහතා තහවුරු කළේ ය.

Leave A Comment