ශ්‍රී ලංකා නියෝජිතයෝ හෙට ඇමෙරිකානු සාකච්ඡා මේසයේ

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ශ්‍රී ලංකාවට පනවනු ලැබූ තීරුබදු පිළිබඳව සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා දූත පිරිස හෙට එරට ඇමෙරිකානු වෙළෙඳ නියෝජිත ජේමිසන් ග්‍රියර් හමුවීමට නියමිතය.

විදේශ අමාත්‍යාංශයේ, වෙළෙඳ අමාත්‍යාංශයේ සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් මෙම දූත පිරිස සමන්විතය. ඇමෙරිකානු රජය සමග සිදු කළ ලිපි හුවමාරුවක ප්‍රතිඵලයක් ලෙස මෙම රැස්වීම සිදුවේ.

මෙම මස මුලදී ඇමෙරිකාව රටවල් රැසක් සඳහා පුළුල් තීරුබදු ප්‍රකාශයට පත් කළේය. 44% ක තීරුබදු සමග ශ්‍රී ලංකාව දැඩි ලෙස පීඩාවට පත් වූ රටවල් අතර විය. පසුව මේ බද්ද දින 90 ක සහන කාලයක් ප්‍රකාශයට අත්හිටුවනු ලැබීය.

චතුර පමුණුව

Leave A Comment