
සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කරයි ?
- CNL Reporter
- December 2, 2024
- දේශපාලන
- සමාජ මාධ්‍ය තහනම් කිරීමට රජය තීරණය කරයි ?
- 0 Comments
වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම යෝජනාව නොවැ. 28 එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් සම්මත කර ගෙන ඇති බව ය.
සමාජ මාධ්‍ය මගින් දරුවන්ට වන හානිවලින් ඔවුන්ව ආරක්ෂා කර ගැනීමට නීති සම්පාදනය කළ යුතු බව ඔස්ට්‍රේලියාවේ අගමැති ඇන්තනි ඇල්බනීස් සඳහන් කර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, මෙම නීති ක්‍රියාත්මක කිරීමට අවුරුද්දක කාලයක් ගත වන බව ය.
මෙම නීතිවලට එකඟ නොවන සමාජ මාධ්‍ය සමාගම්වලට ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 50 දක්වා දඩ නියම කිරීමට එරට රජය තීරණය කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ සන්නිවේදන අමාත්‍යවරිය වන මිෂෙල් රෝලන්ඩ් පවසන්නේ, Snapchat, TikTok, Facebook, Instagram සහ X යන සමාජ මාධ්‍ය වයස අවුරුදු 16 අඩු දරුවන්ට භාවිත කිරීම තහනම් කළ යුතු බව ය.
කෙසේ නමුත්, ක්‍රීඩා සහ පණිවිඩ සේවා (Gaming and messaging) ගිණුමක් නොමැතිව ප්රවේශවීමට හැකි YouTube වැනි සමාජ මාධ්‍ය මෙම තහනමට ලක් නොවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.