
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් සඳහා ගෝලීය වෙළඳපොල වෙත පිවිසීමට ExpoScaleUp වෙතින් නව අවස්ථාවන්
- Sujeewa Senerath
- June 6, 2025
- ආයෝජන, ව්‍යාපාරික පුවත්
- business post
- 0 Comments
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය (IFC) සහ යුරෝපා සංගමය (EU) සමඟ එක්ව ශ්‍රි ලංකා අපනයන විශිෂ්ටතා මුලපිරීම (SLEEI) 2025 යන වැඩසටහන යටතේ ExpoScaleUp පළමු කණ්ඩායමේ අවසන් අදියර කොළඹදී සාර්ථකව පැවැත්විණි. මෙම වැඩසටහන යුරෝපා සංගමයේ ‘Accelerating Climate Smart and Inclusive Infrastructure in South Asia (ACSIIS)’ සහ EU Global Gateway Strategy හි කොටසක් ලෙසින් ක්‍රියාත්මක වේ.
ExpoScaleUp වැඩසටහනේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) වෙළඳපොළ තොරතුරු ගවේෂණය, නිෂ්පාදන සංවර්ධනය, තත්ත්ව වැඩිදියුණු කිරීම, ධාරිතාව සංවර්ධනය, ඇසුරුම්කරණය, අලෙවිකරණය සහ වෙළඳ නාමකරණය වැනි ක්ෂේත්රවල විශේෂ පුහුණුකරණය ලබාදීම මඟින් ඔවුන්ගේ අපනයන සුදානම සහ ධාරිතාව වැඩිදියුණු කිරීමයි.
මෙහිදී, අපනයන විභවය සහිත සුළු සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසාකයින් විසි පස් දෙනෙකු ඔවුන්ගේ අපනයන අලෙවිකරණ සැලසුම් විද්වත් විනිශ්චය මණ්ඩලයක්, ආයෝජකයන්, වෙළෙඳ විශේෂඥයන් සහ අපනයන වෙළද පහසුකම් සලසන ආයතන සමුහයක් ඉදිරියේ ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවේදී, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ මහතා පැමිණි සිටි පිරිස පිළිගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) ආර්ථික වර්ධනයේ වත්මන් භූමිකාව සහ ඔවුන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළේ තරඟ කිරීමට අවශ්‍ය හැකියාවන් සහ දැනුම ලබාදිමේ වැදගත්කම අවධාරණය කළාය. තවද, එතුමා ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සවිබලගැන්වීම සදහා යුරෝපා සංගමය සහ ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය (IFC) ලබාදෙන අඛණ්ඩ සහාය පිළිබඳව කෘතඥතාවය පළ කළේය.
මෙම අවස්ථාව අමතමින් ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ (IFC) දකුණු ආසියාව සඳහා උපදේශන සහ ආර්ථික කළමනාකරු ග්‍රෙගරි ස්මිත් මහතා, ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සවිබලගැන්වීම උදෙසා IFC හි අඛණ්ඩ කැපවීම අවධාරණය කළේය. ඒ මහතා තවදුරටත් සදහන් කළේ, සුළු සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසාකයින් ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ කේන්ද්‍රය වීම නිසා, ඔවුන්ට අපනයන අවස්ථා හා ධාරිතා සංවර්ධනය සඳහා සහයෝගය ලබාදීම ඔවුන්ගේ සම්පූර්ණ විභවය විවෘත කිරීම සඳහා හේතු වන බවත්ය. මෙවැනි සහයෝගිතාවන් මඟින් ශ්‍රී ලංකාවේ අපනයන නැවත සවිබලගැන්වීම සිදු කළ හැකි අතර, ඔවුන්හට ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඵලදායී ලෙස තරඟ කිරීමටත් දිගුකාලීන ආර්ථික තිරසාරභාවය සඳහාත් දායක විය හැකි බවත්ය .
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සදහා යුරෝපා සංගමයේ නියෝජිත කාර්යාලයේ සහයෝගීතා ප්‍රධානී ආචාර්ය Johann Hesse මහතා සඳහන් කළේ, මෙරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් (SMEs) සවිබලගැන්වී මගින්, ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වෙළෙඳ ජාල වලට තවදුරටත් ඒකාබද්ධ වීමට යුරෝපා සංගමය දායක වන බව සහ මෙම සහයෝගය EU Global Gateway Strategy, වෙළඳපොල ප්‍රමිති සහ හරිත පරිවර්තන අරමුණු සමඟ අනුකූල වෙමින් යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර ශක්තිමත් සබඳතා ගොඩනැගීමට හවුල් වන බවත් අවධාරණය කළේය.

අවසන් අවස්ථාව ලෙස, විශිෂ්ටම අපනයන අලෙවිකරණ සැලසුම් ඉදිරිපත් කළ ව්‍යාපාරයන් සඳහා සම්මාන ප්‍රදානෝත්සවයද පැවැත්විණි.
මෙම වැඩසටහනෙහි ඉදිරි අදියර වන ExpoConnect හරහා තේරීපත් වූ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට (SMEs) වෙළෙඳපොළ ප්‍රවේශය සහ ජාත්‍යන්තර ගැනුම් කරුවන් හඳුනා ගැනීම සඳහා සහයෝගය ලබා දීමට සැලසුම් කර ඇත.
මෙම වැඩසටහනට සහභාගි වූ ව්‍යවසායකයන්, සැකසූ ආහාර හා පාන, පොල් ආශ්රිත නිෂ්පාදන, කුළුබඩු සහ ශාකසාර ආලේපන, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා, සහ හස්ත කර්මාන්ත හා තෑගී භාණ්ඩ නිෂ්පාදන වැනි විවිධ ක්ෂේත්රයන් නියෝජනය කළහ.
මෙම ExpoScaleUp වැඩසටහන ජාත්‍යන්තරව තරඟකාරී හා තිරසාර සුළු හා මධ්‍ය පරිමාණ ක්ෂේත්රයක් ශ්‍රී ලංකාවේ ගොඩනගා ගැනීමට ගනු ලැබූ වටිනා පියවරක් ලෙස සැලකේ.