
සෝමා ජයකොඩිගේ වන “ළෙන්ගතු පෙම් කව” රාගම රෝහලේදී එළිදක්වයි
- CNL Reporter
- January 21, 2025
- අධ්‍යාපන
- 0 Comments
රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මහත්මියගේ 376 වැනි නවතම නවකතාව වන “ළෙන්ගතු පෙම් කව” දොරට වැඩුම පසුගියදා රාගම රක්තවේද හා පුනරුත්ථාපන රෝහල් ශ්‍රවණාගාරයේදී සිදුවිය.
ශ්‍රී ලංකාවේ රජයේ රෝහලක නේවාසික රෝගියෙකුගේ සාහිත්‍ය කෘතියක් මෙලෙස රෝහල් ශ්‍රවණාගාරයක් තුළ රෝහලේ අනුමැතියට යටත්ව එළිදැක්වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එය ගොඩගේ ප්රකාශනයකි.
මෙම දොරට වැඩීමේ උත්සවයේදී ප්‍රවීණ ජනශ්රැති පර්යේෂක මහින්ද කුමාර දළුපොත, ජ්‍යෙෂ්ඨ සාහිත්‍යවේදී කරුණාරත්න අමරසිංහ, ප්‍රවීණ සිනමාවේදී ජයන්ත චන්ද්‍රසිරි යන මහත්වරුන් ශාස්ත්‍රීය දේශණ පවත්වන ලද අතර සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද සභාව අමතන ලදී.
ප්‍රවීණ ලේඛිකා සෝමා ජයකොඩි මහත්මිය විසින් “ළෙන්ගතු පෙම් කව” ග්‍රන්ථය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත පිළිගන්වන අයුරු සේයාරුවෙන් දිස්වේ.