හෘදයාබාධ බෙහෙත් සහ ප්‍රතිජීවක ඖෂධ හිඟයක්

විශේෂඥ වෛද්‍ය චමල් සංජීව

ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ හා හදිසි හෘදයාබාධ රෝගවලට ලබාදෙන ඖෂධ හිඟයෙන් රෝගී ජීවිත දැඩි අනතුරකට ලක්ව ඇතැයි විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත පද්ධතියට අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇතැයි ද පවසන වෛiවරයා අදාළ ප්‍රබල ඖෂධ හිඟයෙන් ප්‍රාදේශීය රෝහල් සහ මූලික රෝහල්වලින් වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නා රෝගීන් විශාල අපහසුතාවයකට ලක්ව ඇතැයි ද සඳහන් කර සිටී.

හිඟව පවතින ඖෂධ අතර, Flucloxacillin, Co Amoxyclave, Ce Furoxime, CEFOTAXIME, CEFTAZIDINE, AMIKACIN, Vancomycin යන ප්‍රබල ප්‍රතිජීවක එන්නත් ඖෂධ සහ නිර්වින්දනය සඳහා ලබාදෙන Lignocaine එන්නතද හෘද රෝගීන් සඳහා ලබාදෙන Streptokinase එන්නතද වන බව වෛද්‍යවරයා පවසයි.

මෙයට අමතරව, ඉන්සියුලින් වර්ග, කොලෙස්ටරෝල් හා හෘදයාබාධ සඳහා ලබාදෙන තවත් ඖෂධ වර්ග කිහිපයක්ද හිඟව පවතින බවත්, මේ සියලු ඖෂධ පිටතින් ලබාගැනීමට නම් විශාල මුදලක් වැයකළ යුතු බවත් වෛiවරයා පවසයි.

පවතින ඖෂධ හිඟය මාස 06ක කාලයක සිට උග්‍රවී ඇතත්, සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ රාජ්‍ය ඖෂධ සංස්ථාව සාධනීය ලෙස මැදිහත් නොවීම හේතුවෙන් රෝගී ජීවිත අවදානමට ලක්වීම දිනෙන් දින ඉහළ යමින් පවතින බවද විශේෂඥ වෛi චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කර සිටී.
සුජීව තත්සර

Leave A Comment