අදානිට මෙහෙ සුළං නෑ
- 5opn1
- December 1, 2024
- ව්‍යාපාරික පුවත්
- අදානිට මෙහෙ සුළං නෑ
- 0 Comments
ඉන්දියාවේ අදානි සමාගම සමග පසුගිය රජය ගිවිසුම් ගතව ඇති මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක නොකරන බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එකඟ වූ බව ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම් ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
එම සමාගමට වඩා අඩු මිලට විදුලිය සැපයීමට දේශීය සමාගම් තුනක් එකඟතාවය පළකර ඇතැයි ද පැවසූ ඒ මහතා ශ්‍රී ලංකාවේ විදුලි උත්පාදනය විදේශීය සමාගම්හි ග්‍රහණයට නතුවීම අනතුරුදායක බවද සඳහන් කළේය.
විදුලිය නිෂ්පාදන මිල අඩුකර ගැනීමටනම් ඉන්ධන භාවිතය අඩු කර සූර්ය කෝෂ විදුලිය, ජල විදුලිය සහ සුළං බලාගාර විදුලිය සඳහා යොමුවිය යුතු බවත් ස්වභාවික බලශක්තිය උත්පාදනය සඳහා නවීන තාක්ෂණය යොදාගත යුතු බවත් ආචාර්ය ලක්මාල් ප්‍රභාත් මහතා ප්‍රකාශ කළේය.
උපාලි ද සේරම්