
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 400ම ආරක්ෂිත මාර්ග බවට පත් කරනවා – සභානායක ඇමැති බිමල් රත්නායක
- CNL Reporter
- March 8, 2025
- දේශපාලන
- සභානායක ඇමැති බිමල් රත්නායක
- 0 Comments
ප්‍රකට ව්‍යාපාරික ජගත් විතාන ගේ හැකියාව ඩිපෝ දියුණු කරන්න යොදා ගන්නවා
රටපුරා පිහිටි අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ග 400ම මෙම වසරේදී ආරක්ෂිත මාර්ග බවට පත් කරන බවත් හොඳ ප්‍රවාහන සේවයක් ස්ථාපිත කිරීමට කල්ගත වුවත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීමට ඉක්මනින් පියවර ගන්නා බවත් සභානායක හා ප්‍රවාහන, මහමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ කාරක සභා අවස්ථාවට එක්වෙමින් ඇමැතිවරයා මේ බව කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙසේද කීය.
අපි රජයේ සේවකයන්ට උපරිම ලෙස කවරණය දෙනවා. දේශපාලන වශයෙන් කිසිම පලිගැනීමක් කරන්නේ නෑ. අවංකව අදූෂිතව වැඩ කරනවා නම් අපිට එම නිලධාරීන්ගේ දේශපාලනය අදාළ නෑ.
මාර්ග ආරක්ෂාව රටේ විශාල ප්‍රශ්නයක්. දවසකට හතර දෙනෙක් පමණ මිය යනවා. හොඳ ප්‍රවාහන සේවයක් ලබාදීම අපේ අරමුණයි. මාර්ග ආරක්ෂාව බිඳවැටීම් ගණනාවක් තියෙනවා. මාර්ග ආරක්ෂාව ගැන පෞද්ගලික අංශයත් එක්කරගෙන විශාල වැඩකොටසක් කිරීමට කටයුතු කරනවා.
අනාරක්ෂිත දුම්රිය මාර්ග රටපුරා හාරසීය ගණනක් තිබෙනවා. ලබන මාසය වනවිට ජනතා සහභාගිත්වයෙන් පෞද්ගලික අංශයත් එක්කරගෙන අනාරක්ෂිත යැයි සම්මත වී ඇති හරස් මාර්ග සියල්ල ආරක්ෂිත කරන්න කටයුතු කරනවා. හොඳ ප්‍රවාහනයක් ඇති කරන්න කාලයක් ගියත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කරන්න ඉක්මනින් පියවර ගන්නවා.
පාර්ලිමේන්තු උප කමිටුවක් පිහිටෙව්වා මන්ත්‍රිනී ලක්මාලි හේමචන්ද්‍රගේ ප්‍රධානත්වයෙන්. මාර්ග ආරක්ෂාව හා යහපත් මගී ප්‍රවාහන සේවයක් සඳහා නීති අධ්‍යයනය කරලා වාර්තාවක් ලබාගෙන
මග පෙන්වීමක් ලබාගන්නවා. ඉතා කෙටි කාලයකින් සියලුම පොදු ප්‍රවාහනයේ වාහනවලට සීට් බෙල්ට් අනිවාර්ය කරන්න බලාපොරොත්තු වෙනවා.
දුම්රිය සේවාව හරිම සේෆ්ටි. නමුත් සෞඛ්‍යාරක්ෂිත නෑ. දුම්රිය ප්‍රමාද අඩුකර තියෙනවා. නමුත් එය ප්‍රමාණවත් නෑ. දුම්රිය සේවය වසරක් දෙකක් යනවිට කාර්යක්ෂම කරන්න බලාපොරොත්තු වෙනවා. දුම්රිය සේවය තුළ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි. එන්ජින් අවශ්‍යයි. ප්‍රධාන දුම්රිය ස්ථානවල කාන්තා විවේකාගාර හදනවා. ඔන්ලයින් බුකිං සිස්ටම් එක හදන්න ක්‍රියා කරනවා.
අවිස්සාවේල්ල – රත්නපුර දුම්රිය මාර්ගය දීර්ඝ කරන්න මුදල් වෙන්කර තියෙනවා. පාදුක්ක – අවිස්සාවේල්ල
මාර්ගයේ වේගය වැඩි කරනවා.
අපේ ලංගම, දුම්රිය සේවයට කාන්තාවන් පත්කිරීමට පියවරගන්නවා. පාසල් සේවයත් වැඩිපුර කාන්තාවන්ට දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.
දුම්රිය හෝ වරාය අපි පුද්ගලීකරණය කරන්නේ නෑ. නැගෙනහිර ජැටිය ජනතා දේපළක් ලෙස පවත්වාගෙන යනවා. දුම්රිය, බස්රිය ඇතුළු ආයතනවල අතිවිශාල රැකියා අවස්ථා තිබෙනවා. ප්‍රවාහනයේ පවතින අනෙකුත් ව්‍යාපාරික අවස්ථා ඇති කරන්නේ කෙසේද යන්න බලන්න චතුරංග අබේසිංහ නියෝජ්‍ය ඇමැති ප්‍රධානත්වයෙන් උපකමිටුවක් පත් කළා. එම කමිටුවට සජබ මන්ත්‍රී ජගත් විතානගේ මහතා සම්බන්ධකර ගන්නවා. ඔහු දක්ෂ ප්‍රවාහන ව්‍යාපාරිකයෙක්. ඔහුව ඩීපෝවෙන් ඩීපෝවට රැගෙන යනවා. ඔහුගේ ව්‍යාපාරික ඥානය යොදාගෙන ව්‍යාපාරික අවස්ථා වැඩිකරන්න සාකච්ඡා කරනවා.
උතුරේ මාර්ග හදන්න මුදල් වෙන්කර තියෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව ඩිජිටල් කරනවා.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන