අනී­තික E-8 වීසා ගිවි­සු­මෙන් නෛතික කොරි­යානු වීසා­ව­ලටත් රතු එළි­යක්

විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සභා­පති

පසු­ගිය රජයේ අමා­ත්‍ය­ව­ර­යකු නීති­ වි­රෝධී අයු­රින් අත්සන් කරන ලද E-8 වීසා ගිවි­සුම නිසා වසර 20කට අධික කාල­යක් පුරා විශාල ශ්‍රී ලාංකික තරුණ පිරි­ස­කට හිමිවූ E-9 වීසා කාණ්ඩයේ රැකියා අහි­මි­වීමේ අව­දා­න­මක් ඇති වී තිබෙන බවත්, නීති­වි­රෝධී වීසා බල­පත්‍ර නීත්‍ය­නු­කූල කිරී­මට කිසිදු හැකි­යා­වක් නොමැති බවත් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සභා­පති කෝශල වික්‍ර­ම­සිංහ මහතා සඳ­හන් කරයි.

දකුණු කොරි­යානු E-8 වීසා කාණ්ඩයේ සෘතු­මය රැකියා සඳහා පුද්ග­ලික පාර්ශ්ව­යන්ට මුදල් ලබා­දුන් පිරිස් බත්ත­ර­මුල්ල ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ ප්‍රධාන කාර්යා­ලය ඉදි­රි­පිට සිදු­ක­රන උද්ඝෝ­ෂණ සම්බ­න්ධ­යෙන් මාධ්‍ය වෙත අද­හස් දක්ව­මින් සභා­ප­ති­ව­රයා මේ බව ප්‍රකාශ කළේය.

පසු­ගිය සමයේ තමන් විසින් හෙළි­කළ ගුවන් ටික­ට්පත් වංචා­වට සම්බ­න්ධවූ අය ඒ සම්බ­න්ධ­යෙන් ආරම්භ කර ඇති වංචා දූෂණ පිළි­බඳ විම­ර්ශ­නය කඩා­ක­ප්පල් කිරීම සඳහා මෙවැනි අර­ගල සිදු­ක­රන බව ද සභා­ප­ති­ව­රයා සඳ­හන් කළේය.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ සභා­පති කෝශල වික්‍ර­ම­සිංහ මහතා මෙසේද පැව­සු­වේය.

“ E-8 දිනා­ගැ­නීමේ අර­ග­ල­යක් කියලා ඇතැම් පුද්ග­ල­යන් හුවා දක්ව­නවා. නමුත් ඇත්ත­ටම E-8 දිනා­ගන්න බෑ. මම අවස්ථා කිහි­ප­ය­ක­දීම සඳ­හන් කළා E-8 කියන්නේ නිසි ක්‍රම­වේ­ද­යෙන් පුද්ග­ල­යන් විදේශ රැකි­යා­වට යවන්න අනු­ග­ම­නය කරපු ක්‍රම­යක් නෙවෙයි. කිසිම විදි­හ­කට විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය විසින් පුද්ග­ලික විදේශ රැකියා නියෝ­ජි­තා­ය­ත­න­ය­කට දකුණු කොරි­යාවේ සෘතු­මය රැකියා සඳහා ශ්‍රමි­ක­යන් යොමු­ක­රන්න අව­ස­රය දීලා නෑ. කාර්යාංශ පනත අනුව ශ්‍රමි­ක­යෙක් විදේශ රැකි­යා­ව­කට යනවා නම් අනි­වා­ර්යෙන්ම කාර්යාං­ශයේ ලියා­ප­දිං­චිය ලබා­ගත යුතුයි. කාර්යාං­ශය විසින් E-8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා­දෙන්න කැබි­නට් අනු­මැ­තිය ගන්න යෝජ­නා­ව­ලි­යක කෙටු­ම්ප­තක් මැයි මාසේ 14 දින සකස් කරලා තියෙ­නවා. ඒ අත­ර­තුර දකුණු කොරි­යාවේ ශ්‍රී ලංකා තානා­පති කාර්යා­ලය ජුනි මාසේ 8 වෙනිදා කාර්යාං­ශ­යට ලිපි­යක් යොමු­ක­රලා තියෙ­නවා කොරි­යාවේ වන්ඩු පළා­තෙන් සෘතු­මය රැකියා සඳහා ශ්‍රමි­ක­යන් බඳ­වා­ගැ­නීම පහ­සු­ක­රන මෙන් ඉල්ලා සිටි­නවා කියලා. එම ලිපි­යට පිළි­තු­රක් වශ­යෙන් හිටපු සභා­ප­ති­තුමා යළි ලිපි­යක් යොමු කර­නවා වන්ඩු පළාත සමඟ තිබෙන මෙම ගිවි­සුම පිළි­බඳ කාර්යාං­ශය දැනු­වත් නෑ කියලා. ඒ අතර, කාර්යාං­ශයේ සාමා­න්‍යා­ධි­කා­රි­ව­ර­යාට, අමා­ත්‍යාං­ශයේ හිටපු ලේක­ම්ව­රයා විසින් ලිපි­යක් යොමු­ක­ර­නවා E-8 වීසා කාණ්ඩය නීත්‍ය­නු­කූල බවට පව­ස­මින් චක්‍ර­ලේ­ඛ­න­යක් නිකුත් කරන්න කියලා. සාමා­න්‍යා­ධි­කා­රි­ව­රයා චක්‍ර­ලේ­ඛ­යක් නිකුත් කර­නවා මෙම රැකි­යා­ව­ලට යනවා නම් විධි­මත් රැකියා ගිවි­සු­මක් අව­ශ්‍යයි, රැකියා ඇණ­වුම තානා­පති කාර්යා­ලය මඟින් සහ­තික කළ යුතුයි කියලා.

එහෙම ක්‍රම­වේ­ද­යක් ක්‍රියා­ත්මක කරන අත­ර­තුර, වන්ඩු පළාත සමඟ ගිවි­සු­මක් අත්සන් කරලා කියලා කට­ක­තා­වක් ප්‍රචා­රය වෙනවා. හිටපු අමා­ත්‍ය­ව­ර­යෙක් කැබි­නට් අනු­මැ­තිය ලබා­ග­න්නත් පෙර, රජයේ කිසිදු අනු­මැ­ති­ය­කින් තොරව පෞද්ග­ලි­කව ගිවි­සු­මක් අත්සන් කරලා තියෙ­නවා. ඇමැ­ති­ව­ර­යාත් එක්ක තියෙන සම්බ­න්ධ­කම් උඩ බාහිර පුද්ග­ල­යන් තරු­ණ­යන්ව පුහුණු කරලා රැකියා සඳහා යවන්න සූදා­නම් කරලා තියෙ­නවා. මේක ඇත්ත­ටම බැලු­වොත් මිනිස් වෙ‍ෙළ­ඳාම් ගණ­යට ඇතු­ළත් වෙන වර­දක්. මේ සම්බ­න්ධ­යෙන් අපි දැඩි ක්‍රියා­මාර්ග අර­ග­න්නවා. ඒ වගේම අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව දැනු­වත් කරලා තියෙ­නවා. ඒ වගේම අභ්‍ය­න්තර විග­ණන පරී­ක්ෂ­ණ­ය­කුත් සිදු කර­නවා.

අපි ඉල්ලා සිටි­නවා රැකියා අපේ­ක්ෂි­ත­ය­න්ගෙන් මේක ඉතාම නීති­වි­රෝධි ක්‍රියා­වක්. මේකට අහු­වෙන්න එපා. අපිට කිසි­ලෙ­ස­කි­න්වත් මේක අනු­මත කරන්න බෑ. කවු­රු­හරි හිත­නවා නම් මේ ලැබුණු රැකියා විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය විසින් නතර කර­ගෙන ඉන්නවා කියලා එහි කිසිදු සත්‍ය­තා­වක් නෑ. වීසා ලැබෙ­නවා කියන්නේ අව­සාන පිය­වර. විදේශ සේවා නියුක්ති කාර්යාං­ශය නොදැන වීසා ලැබෙන්න විදි­හක් නෑ. ඒ වගේම එහෙම ලැබුණා කියලා විශාල මුදල් අය­ක­රලා තියෙ­නවා. අපි දැක්කා ඊයෙත් මුදල් ලබා­ගත්ත අයගේ නිවෙස් වට­ලලා තියෙ­නවා. විදේශ සේවා නියුක්ති කාර්යාං­ශයේ අනු­මැ­ති­ය­කින් තොරව විදේශ රැකියා ලබා­දෙන්න මුදල් අය­ක­රන්න බෑ කාට­වත්. අමාත්‍ය විජිත හේරත් මහ­තාත් අපිට උප­දෙස් දුන්නා මේ දේව­ල්ව­ලට කවු­රු­හරි මැදි­හත් වෙලා තියෙ­නවා නම් දැඩිව නීතිය ක්‍රියා­ත්මක කරන්න කියලා. නව රජය කිසි­ලෙ­ස­කි­න්වත් අර­ගල කර­න­කම් ගැට­ලු­වක් දුර­දිග ගෙනි­යන්නේ නෑ. මේක කිසි ලෙස­කි­න්වත් කරන්න පුළු­වන් දෙයක් නෙවෙයි.

අපි දන්නවා දේශ­පා­ල­ක­යන්ට සහාය දුන්න ඇතැම් පිරිස් යම් යම් උසි­ගැ­න්වීම් සිදු කර­නවා. පහු­ගිය දව­ස්වල අනා­ව­ර­ණය වුණා විදේ­ශ­ගත වන පුද්ග­ල­යන්ට ලබා දුන් ගුවන් ටික­ට්ප­තෙන් විශාල ලෙස මුදල් වංචා කිරීම් සිදු කරලා තිබුණා. මම මේ තන­තු­රට පත්වු­ණාට පස්සේ මම රජයේ විදේශ රැකියා නියෝ­ජි­තා­ය­ත­න­යට නව අධ්‍යක්ෂ මණ්ඩ­ල­යක් පත් කළා. ඉන් මාස­ය­කට අඩු කාල­ය­කදී රු.288,000.00 තිබුණ ගුවන් ටික­ට්පත් මිල රු. 165,000.00 – 150,000.00 දක්වා අඩු­ක­රන්න පුළු­වන් වුණා. එක් මාස­ය­කදී අපි ගුවන් ටික­ට්පත් 450ක් පමණ මිලදී ගෙන තියෙ­නවා. එක ටිකට් එක­කින් රුපි­යල් ලක්ෂ­යක් ගත්තත් එක් මාස­ය­කදී රුපි­යල් ලක්ෂ 450ක වංචා­වක් සිදු­වෙලා තියෙ­නවා. මේක සිදු­වෙලා තියෙන්නේ ටෙන්ඩර් පටි­පා­ටිය ඇතුළේ. මේවගේ වංචා­ව­ලට කියන්නේ White collar robbery කියලා. නිසි ක්‍රම­වේ­දය අනු­ග­ම­නය කළාට පාර්ශ්ව තුනක් විත­රක් මැදි­හත් වෙලා කරපු වංචා­වක් මේක.

මේ වංචා­ව­ලට මැදි­හත් වුණ අය මේ අර­ග­ල­ව­ලට මැදි­හත් වෙලා අපි සිදු කරන මේ වැඩ­පි­ළි­වෙළ කඩා­ක­ප්පල් කරන්න උත්සාහ කර­නවා. අපි එක එක තැරැ­ව්ක­රු­වන්ගේ, වංචා­ක­රු­වන්ගේ ඉත්තො නෙවෙයි. සැබෑ ජන­තා­වාදී නිල­ධා­රීන්. මේ රජය මේ ගැට­ලුව සම්බ­න්ධ­යෙන් දරුණු විදි­හට මැදි­හත් වෙලා තිබෙ­නවා. මේක අපි නිවැ­රදි කරන්න ඕනි. මේ නිකුත් වුණ වීසා නිත්‍ය­නු­කූල නොවන බව අපි නැව­තත් කිය­නවා. නීත්‍ය­නු­කූල නොවන වීසා අපිට කිසි ලෙස­කි­න්වත් නීත්‍ය­නු­කූල කරන්න බෑ. විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය මේ අව­බෝ­ධතා ගිවි­සුම පිළි­ගන්නේ නෑ. ඒ නිසා අමා­ත්‍යාං­ශය සහ­තික කරන්නේ නෑ. කැබි­නට් පත්‍රි­කා­වක් අපිට ආප­ස්සට දාන්න බෑ. වංච­නි­කව අත්සන් කරපු ගිවි­සු­මක් බල­ග­න්වන්න අපිට කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කරන්න බෑ. අපි යළි කැබි­නට් පත්‍රි­කා­වක් ඉදි­රි­පත් කරන්නේ මේ ක්‍රියා­ව­ලිය අලු­තින්ම ආරම්භ කළාට පස්සේ විත­රයි.

වසර 20ක විතර කාල­යක් තිස්සේ නීත්‍ය­නු­කූල ක්‍රම­වේ­ද­යක් අනු­ග­ම­නය කර­මින් අපි E-9 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරි­යාවේ රැකි­යා­ව­ලට යොමු­ක­ර­නවා. ඒ යටතේ වස­ර­කට 6,000ක පමණ රැකියා අවස්ථා අපිට ලැබෙ­නවා. මේ වන විට ශ්‍රී ලාංකික ශ්‍රමි­ක­යන් 30,000ක් විතර ඒ රටේ ඉන්නවා. ලෝකයේ රට­වල් රැස­කින් ශ්‍රමි­ක­යන් දකුණු කොරි­යා­වට ගත්තට ලංකාව අනු­ග­ම­නය කරන ක්‍රම­වේ­දය සම්බ­න්ධ­යෙන් ඒ රටේ විශාල පැහැ­දී­මක් තියෙ­නවා. මේ E-8 වීසා ගැට­ලුව හේතු­වෙන් E-9 වීසා කාණ්ඩය යටතේ හිමි­වන රැකි­යා­ව­ල­ටත් ගැට­ලු­වක් ඇති­වීමේ අව­දා­න­මක් තියෙ­නවා. සෘතු­මය රැකියා හිමි­වෙන්නේ මාස 5-7 අතර කාල­ය­කට. දළ වශ­යෙන් රුපි­යල් ලක්ෂ 7ක වැටු­පක් ලැබු­ණත් ලක්ෂ 35ක වගේ වැටු­පක් තමයි හිමි­වෙන්නේ. ඒ රැකියා ලබා­ගන්න පුද්ග­ලික කණ්ඩා­ය­ම්ව­ලට ලක්ෂ 12, 18, 20 වගේ විශාල මුද­ලක් ගෙවලා අතට ලැබෙන දෙයක් නෑ. යාමට ඒමට ගුවන් ටික­ට්ප­තත් මිලදී ගන්න ඕනි. ඒ අය අනි­වා­ර්යෙන් කරන්නේ ඒ රටට ගිහින් පනි­නවා.

මේ තැරැ­ව්කාර කණ්ඩා­යම් උප­දෙස් දෙන්නේ මාස 5 ඉවර වුණාම හොරෙන් පැනලා අවු­රුදු 5-6ක් ඉන්න පුළු­වන් කියලා. මේ තත්ත්වය අනි­වා­ර්යෙන් බල­පා­නවා නීත්‍ය­නු­කූ­ලව දකුණු කොරි­යාවේ සේව­යට යන්න සූදා­නම්ව ඉන්න ශ්‍රමි­ක­යන්ට. කොරි­යානු බල­ධා­රීන් අනි­වා­ර්යෙන් මේ රැකියා කෝටාව අඩු­ක­රන්න කට­යුතු කර­නවා.

අපි E-8 වීසා වංචා­වට හසු­වුණු අය­ගෙන් ඉල්ලා සිටින්නේ ඔබ­ගෙන් මුදල් ලබා­ගත් පුද්ග­ල­යන් පිළි­බඳ අපිට තොර­තුරු ලබා­දෙන්න. රටේ ජන­තාව මේ වංචාව සම්බ­න්ධ­යෙන් දැනු­වත් කරන්න. මේ වංචාව නතර කරන්න අපිට උදව් කරන්න. මේ වංචාව සම්බන්ධ පුද්ග­ල­යන්ට අපි රටේ නීතිය අනුව දඬු­වම් කරන්න සූදා­නම්.”

DN

Leave A Comment