
අපේක්‍ෂකයන් පුම්බන උත්සව තහනම්
- CNL Reporter
- April 6, 2025
- දේශපාලන
- අපේක්‍ෂකයන්
- 0 Comments
මැතිවරණයට තරග කරන දේශපාලන පක්‍ෂ හෝ අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට අවුරුදු උත්සව හෝ ආගමික උත්සව පැවැත්වීම සම්පූර්ණයෙන්ම තහනම් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.
මේ පිළිබඳව සියලු දේශපාලන පක්‍ෂ හා ලේකම්වරු දැනුවත් කර ඇති බවද ඒ මහතා කියා සිටියේය.
සිංහල හා හින්දු අලුත් අවුරුදු උත්සවය නිමිත්තෙන් ජන ක්‍රීඩා සමග අවුරුදු උත්සව පැවැත්වෙන බැවින් ඒවා අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට පැවැත්විය නොහැකි බවද හිසතෙල් ගෑමේ උත්සව ආගමික සිද්ධස්ථානවලදී පැවැත්වීමේදී ඒවා අපේක්‍ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයට පැවැත්විය නොහැකි යැයි ද ඒ මහතා කීය.
මැතිවරණ නීතිය උල්ලංඝනය වන ආකාරයට මෙවැනි සිද්ධීන් වන්නේ දැයි අවධානයෙන් පසුවන ලෙස ද නිලධාරීන් දැනුවත් කර ඇති බවද සභාපතිවරයා පැවසීය.
රනිල් ධර්මසේන