
අමාත්‍යවරයාගේ නියෝග මත වෛද්‍යවරුන්ගේ මාරුවිම් සාධනීය ලෙස ක්‍රියාත්මකයි – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය
- Sujeewa Senerath
- August 15, 2025
- දේශපාලන, පුවත්
- 0 Comments
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදු කරන ලද සාකච්ඡා වලින් අනතුරුව ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ ස්ථාන මාරු සහ අනුයුක්ත කිරීම් වල සිදු වී තිබෙන ගැටළුකාරි තත්ත්වය හඳුනා ගනිමින් සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් එම ගැටළු මාරු මණ්ඩල හරහා සාකච්ඡා කරමින් නිවැරදි ක්‍රමවේදය තුලින් සිදු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යංශ බලධාරීන් හට නියෝග කරන ලද බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, එහි ප්‍රතිඵලයක් වශයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කිරීමට නියමිතව තිබු දීප ව්‍යාප්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවන ලදී.
මේ වන විට එම නියෝගයන්ට අනුකූලව, මාරු මණ්ඩල වල මැදිහත් වීම තුල ශ්‍රේණි වෛද්‍ය නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු, පශ්චාත් සීමාවාසික අනුයුක්ත කිරීම්, දුෂ්කර සේවා ස්ථාන මාරු යන කටයුතු සාධනීය ලෙස සිදු වෙමින් පවති. නමුත් සෞඛ්‍ය අමාත්‍යංශයේ නිලධාරීන් යම් අවස්ථාවක අමාත්‍යවරයාගේ නියෝගයෙන් බැහැරව යමින් නිත්‍යානුකූල ක්‍රමවේදයට එරෙහිව මෙම මාරු මණ්ඩල වල දී කටයුතු කිරීමට සුදානම් වන්නේ නම් එසේ සිදු වන ඕනෑම මොහොතක රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේ තීරණයට අනුව වෘත්තීය ක්‍රියාමාර්ග සඳහා යොමු වීමට පසුබට නොවන බවට අවධාරණය කර සිටින්නෙමු.