අස්වැසුම ඇතුළු සමාජ සුබසාධන වැඩසටහන් ඩිජිටල්කරණයට අවදානය..

අස්වැසුම ඇතුළු අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ලබාදෙන සමාජ සුබසාධන වැඩසටහන් ඩිජිටල්කරණය කිරීම පිළිබඳව අවධානය යොමුවී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ඒ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැති බවයි.

සහල් මිල ස්ථාවර කිරීම, සහල් හිඟයට දීර්ඝ කාලීනව විසඳුම් සෙවීමේ ප්‍රවේශය සඳහා වී ගබඩා පද්ධතිය පිළිබඳ තොරතුරු ඩිජිටල්කරණය කිරීමේ වැදගත්කම එහිදී සාකච්ඡා කර තිබේ.

ඉදිරි නව පාසල් වාරයේදී අඩු ආදායම්ලාභි පවුල්වල දරුවන් වෙනුවෙන් ලබාදීමට නියමිත සහන බෙදාදීමේ වැඩසටහන සහ පොහොර සහනාධාර ලබාදීමේ වැඩසටහන ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් එහිදී අවදානයට ලක් කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ප්‍රධාන ජනාධිපති උපදේශකවරයා ලෙස ආචාර්ය හාන්ස් විජයසූරිය මහතා පත් කරනු ලැබුවේ ය.

ADN

Leave A Comment