ආනයනික පළමු සහල් තොගය වෙළෙඳපොළට
- 5opn1
- December 12, 2024
- ව්‍යාපාරික පුවත්
- ආනයනික පළමු සහල් තොගය වෙළෙඳපොළට
- 0 Comments
පෞද්ගලික ආනයනකරුවන් විසින් ආනයනය කරන ලද සහල් තොග වෙළෙඳපොළට නිකුත් කර තිබේ.
ඊයේ (11) දිනයේ මෙරටට ආනයනය කරන ලද පළමු සහල් තොගය රේගුවෙන් මුදාහැරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
රට තුළ පවතින සහල් හිඟයට පිළියමක් වශයෙන් පෞද්ගලික ආනයනකරුවන්ට සහල් ආනයන කිරීම සඳහා රජය විසින් පසුගියදා අවසර ලබාදුන්නේය.
ඒ අනුව ආනයනකරුවන් විසින් සහල් ආනයනය කිරීමට පියවර ගත් අතර ඊයේ දිනයේදී සහල් කිලෝ 75,000ක් රේගුවෙන් මුදාහැර ඇති බව වාර්තා වේ.
සම්බා සහ සුදු කැකුළු සහල් තොගයක් ඉන්දියාවේ සිට මෙලෙස ආනයනය කර ඇති බව සඳහන්ය.
අද (12) සහ හෙට (13) යන දෙදින තුළද තවත් සහල් තොග දිවයිනට ළඟාවීමට නියමිත බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කළේය.
මේ අතර ආනයනික සහල් ද වෙළෙඳපොළට පැමිණීමත් සමග රට තුළ පවතින සහල් හිඟයට විසඳුම් ලැබෙනු ඇති බව සතොස ආයතනයේ සභාපති ආචාර්ය සමිත පෙරේරා මහතා පවසයි.
“ටීවි දෙරණ” ඔස්සේ ඊයේ රාත්‍රී විකාශය වු අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට එක්වෙමින් සමිත පෙරේරා මහතා මෙම අදහස් පළ කළේය.
එම වැඩසටහනට එක් වු ව්‍යවසායක චන්ද්‍රලාල් ගුණසේකර මහතා සඳහන් කළේ, මේ වන විට සිය වෙළෙඳසැල්වලට සහල් සපයා ගැනීම බරපතළ ගැටලුවක් වී ඇති බවය