
ආනයනික සහල් මෙටි්රක් ටොන් 22,600ක් පෙරේදා රේගුවෙන් එළියට
- CNL Reporter
- December 20, 2024
- ව්‍යාපාරික පුවත්
- සහල්
- 0 Comments
රේගුවට ලැබුණු ආනයනික සහල් මෙටි්රක් ටොන් 22,600ක් පෙරේදා (18දා) දිනය තුළ නිදහස් කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පවසයි.
මෙම තොගය අතර කැකුළු සහල් මෙටි්රක් ටොන් 9600ක් සහ නාඩු සහල් මෙටි්රක් ටොන් 13,000ක් තිබූ බවද ඒ මහතා පැවැසීය.
සහල් ආනයනය කිරීම සඳහා රජය විසින් ලබාදී තිබූ විවෘත අවස්ථාව අද (20දා) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වේ. රජය මගින් ආනයනය කළ සහල් මෙටි්රක් ටොන් 10,000ක් ඊයේ (19දා) කොළඹ වරායට පැමිණීමට නියමිතව තිබුණි.
චමින්ද සිල්වා